සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි 300ක් පමණ වන සියළු සේවකයන් මේ මස 30 වන දින සිට අනිවාර්ය විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව සියලු...
අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව එම සේවකයන් එහි ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා කාර්යාල අඩස්සියට පත් කර විරෝධතාවය පල කර තිබේ.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය ලැබීමත් සමග පාලනාධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇත.
අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ මෙය අමාත්‍ය මණ්ඩල තීරණයක් නිසා තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවයි.
මෙම තීරණයට විරෝධය පළ කරමින් ඉදිරි සති සිට වෘත්තීය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සේවකයන් කියා සිටිති.

COMMENTS