දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහ පැටියාට කිරි පොවන්නට “සුදු චූටිට“ දී සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ආයෙත් නා ගනී!
Homeප්‍රවෘත්ති

සිංහ පැටියාට කිරි පොවන්නට “සුදු චූටිට“ දී සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ආයෙත් නා ගනී!

PropellerAds

රිදියගම සෆාරි උද්‍යානයේ ”ලාරා ” නැමැති සිංහ ධේනුව විසින් බිහිකළ  පළමු  පැටවාවන ”ඩෝරා” සිංහ පැටවා  ස්වෝද්‍යාන පනතට මෙන්ම සියලුම මූලික වෘත්ත...

පොලොන්නරුවේ ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයක් මිලට ගනී.. කෝටි 11ක්..
තෙල් මිල වැඩි කරන්න වුනේ තැරැවුකරුවන්ගෙන් ඉන්ධන අරන් මිල වැඩි කරන්න වූ නිසා..- මහින්ද පතිරණ
මුහුදු මාර්ගයෙන් රැගෙන ආ හෙරොයින් කිලෝ 200ක් අල්ලයි
රිදියගම සෆාරි උද්‍යානයේ ”ලාරා ” නැමැති සිංහ ධේනුව විසින් බිහිකළ  පළමු  පැටවාවන ”ඩෝරා” සිංහ පැටවා  ස්වෝද්‍යාන පනතට මෙන්ම සියලුම මූලික වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව යළි යළිත් අවභාවිතා කිරීමත්, එම අවභාවිතයන් ප්‍රවර්ධනය කිරීමත් සම්බන්ධව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට යළිත් වරක්  බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ.

මෙවර මේ අර්බුදය පැන නැගී ඇත්තේ මෙම “ඩෝරා“ සිංහ පැටවාට සිය හිතවත් ටෙලි නිලියන් ටිකක් ලවා කිරි පොවා එම ඡායාරූප “ සුදු චූටි ඩෝරාට කිරි පොවන්න ඉගෙන ගත්තා“ ලෙස නම් කළ ශීර්ෂ පාඨයකුත් සමග    අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ  ඇයගේ ෆේස් බුක් ගිනුමේම පල කිරීමත් සමගය.

මෙම සිංහ පැටවා පසුගිය ජනවාරි 18 වනදා සිට මහජන ප්‍රදර්ශනයට  විවෘත කෙරිනි.  ඒ වනවිට මේ සිංහ පැටවාට වයස මාස හතර හමාරකි. ඒ වනවිටත්  ඩෝරාට මව් සිංහ ධේනුව විසින් කිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණු නිසා එම සත්වයා පෝෂණය කිරීම  සත්ත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ රිදියගම සෆාරි උද්‍යානයෙහි  පශු වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම යටතට පැවරිනි.

රිදියමග සෆාරි උද්‍යානයේ සිටින සිංහ පැටවාට උගේ සම්මත චර්යාවන්ට  යොමු වන්නට නොදී බලු සුරතලෙක් ලෙස හදාගන්නට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වන්නේ මේ කිරි දීමේ කටයුත්ත සමග බව පැවසේ. ඒ පැටවාට කිරි දීම තමන්ගේ හිතවතුන් හිතවතියන් ලවා සිදුකරන්නට ඇය කටයුතු කිරීම නිසාය.

ඇය කරන්නේ කුමණ ආකාරයේ බරපතල අකටයුත්තක් දැයි ඇයටම  අවබෝධයක් නැති බව  ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ අප සමග කීහ. ඇයගේ හිතවතුන්, ඇයගේ දේශපාලන කණ්ඩායමේ බලවතුන්ගේ හිතවතුන්ගේ සුරතලෙක් වන්නට මේ සිංහ පැටවාට සිදුවී තිබීම බරපතල ඛේදවාකයක් බව  ඔවුහු පෙන්වා දුන්හ.

මින් පෙරත් මූලික අණ පනත් පමණක් නොව, චර්යා ධර්ම පද්ධතියත් උල්ලංඝණය කරමින්  ජාතික සත්ත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනප්‍රිය නිළියක මෙන්ම පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරිණියක වූ ඕෂධී හේවාමද්දුම ඇතුළු   ඇයගේ පවුලේ සාමාජිකයන්ට   රිදියගම සෆාරි උද්‍යානයේ  දී මේ සිංහ පැටවා වඩාගෙන සුරතල් කරන්නට දී තිබිණි. එම ඡායාරූප සමාජ මධ්‍යයේ පළවීමත් සමග විශාල ආන්දෝලනයක් ඇති විය.

මෙවර ඇය සිය අවකල් ක්‍රියාව ඇයගේ ෆේස් බුක් ගිනුමේම පල කර ප්‍රවර්ධනය කිරීම මෙම තනතුරට ඇයගේ නුසුදුසුකම මෙන්ම නොදැනුවත් වගකීම් රහිත ස්වරූපය ද පිළිබිඹු කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහ පැටියාට කිරි පොවන්නට “සුදු චූටිට“ දී සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ආයෙත් නා ගනී!
සිංහ පැටියාට කිරි පොවන්නට “සුදු චූටිට“ දී සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ආයෙත් නා ගනී!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjJ4ScLEs6aCIEgIkg-xvbNixMAkj4Pinrt9uSA10fpDYIjlg3DlCk6E-6vDZl8ce6H6mhAWnIOugeqR2HspnU7TDQJ8blavLZBF08n4eimZggjaodxVnkBPCuqlpJEgodF2UwZfMIYCZPElN6erBJ016D4PtlZ21FoOpq9K1uo8hE54486wZtiF4337A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjJ4ScLEs6aCIEgIkg-xvbNixMAkj4Pinrt9uSA10fpDYIjlg3DlCk6E-6vDZl8ce6H6mhAWnIOugeqR2HspnU7TDQJ8blavLZBF08n4eimZggjaodxVnkBPCuqlpJEgodF2UwZfMIYCZPElN6erBJ016D4PtlZ21FoOpq9K1uo8hE54486wZtiF4337A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy