දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි - අවධානයෙන් සිටින්නැයි උපදෙස්
Homeප්‍රවෘත්ති

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි - අවධානයෙන් සිටින්නැයි උපදෙස්

PropellerAds

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ඔකී සුළි කුණාටුව කොළඹ සිට කිලෝමීටර් 650ක් දුරින් පවතින බවත් එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇද...

එස්.එම්.චන්ද්‍රසේනගේ දේශපාළන බළය හා බැඳුනු වංචනික නිළධාරීන්ගේ අනුහසින් මිහින්තලයේ පරිසර විනාශයක්
බැඳුම්කර වංචාවෙන් රනිල් තිබ්බ රෙකෝඩ් එක සීනි වංචාවෙන් ගෝඨා කැඩුවා – හඳුන්නෙත්ති (වීඩියෝ)
රටම අනතුරේ : කොරෝනා තුන්වන රැල්ල අත ළග !
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි - අවධානයෙන් සිටින්නැයි උපදෙස්

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ඔකී සුළි කුණාටුව කොළඹ සිට කිලෝමීටර් 650ක් දුරින් පවතින බවත් එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇදී යන බවින් දිවයිනේ පවතින වැසි සහිත තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් තවදුරටත් බස්නාහිර, උතුර, නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කළේය.

එම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 50ක පමණ තරමක් තද සුළං ඇති වීය හැකිය. මේ අතර ඉදිරි පැය 24 සඳහා බලපවත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියා සිටියේ දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු රළ බලාපොරොත්තු වීය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා වැඩි වීය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි අතර මුහුදු ප්‍රදේශද රළු වීය හැකි බව සඳහන් වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති වන බවත් මන්නාරම සිට කොලමබ් සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වන බව එම නිවේදනයේ දැක්වේ.

දිවයිනට වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වන බවත් මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසට ධිවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටියි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි - අවධානයෙන් සිටින්නැයි උපදෙස්
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි - අවධානයෙන් සිටින්නැයි උපදෙස්
http://ift.tt/2j6jgMO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy