සමගි ජන බලවේගයේ පෙරේදා (15) කොළඹදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් කළා. එම පක්ෂයේ අයිතිකාරිය තමන් බවයි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ. හි...
සමගි ජන බලවේගයේ පෙරේදා (15) කොළඹදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් කළා.
හිමිකාරනීයගේ ප්‍රතිචාරය
ඇය එම උද්ඝෝෂණය පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එහිදී සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් පිළිබඳව මතක් කරමින් ඇය මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
"ඉස්සෙල්ලම සජිත් ප්‍රේමදාස මහතා කොළඹට ජනතාව ගෙන්නන්නේ නැතිව රටේ ජනතාව උසිගන්වන එක නතර කරන්න. ඊළඟට කැඩිලා ගිහිල්ලා තියෙන සමගි ජන බලවේගය එකතු කරන්න.මම ඔය පක්ෂය දුන්නෙ ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න. ඒත් අද පක්ෂය කෑලි වලට කැඩිලා ගිහිල්ලා. එක්කෙනෙක් 43 සේනාංකය කියලා එකක් හදාගෙන. තව කෙනෙක් වෙන ගමනක. තව කට්ටියක් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කතා කරනවා. ඒ නිසා විහිලු සපයන්නේ නැතුව පක්ෂය එකතු කරගන්න."
මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක රටේ ලෝකේ ජනතාව ඔක්කොම දන්නවා.සමගි ජන බලවේගය පාරට බැස්සා කියලා, කොළඹට මිනිස්සු ගෙනාවා කියලා හෙට ඩොලර් අහසින් වැටෙනවද. මේ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ."
ලබා දුන් උපදෙස
එහෙම ප්‍රකාශ කරන මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයට මෙන්න මෙහෙම උපදෙසක් ද ලබා දෙනවා.
"පිස්සෝ වගේ පාරවල් වල කෑගගහා ඇවිදින් නැතුව මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා, ආණ්ඩුවත් එක්ක යම් කිසි විදිහක සාකච්ඡාවක් කරලා, රට ගොඩ ගාන විදියක් හොයා ගන්න. ඔය විහිලුව නවත්වන්න."
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මාධ්‍ය අමතා මෙසේ ප්‍රතිචාර දැක්වූයේ ඉතා තද ස්වරූපයෙන්.

COMMENTS