ඉල්ලා අස්වූ අගමැති, පොහොට්ටුවේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැයි 9 වනදා සිදුවීමෙන් මාසයකට පසු පළමු වරට අද (10) පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. ඒ ...
ඉල්ලා අස්වූ අගමැති, පොහොට්ටුවේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැයි 9 වනදා සිදුවීමෙන් මාසයකට පසු පළමු වරට අද (10) පාර්ලිමේන්තුව අමතනු ලැබුවා.
ඒ පසුගියදා ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ඔහු සඳහන් කළේ අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ජනතාවට යමක් සිදු කිරීමට උපරිමයෙන් උත්සාහ කළ බවයි.
එවැනි අහිංසක පුද්ගලයෙක් මරා දැමූ අයගේ අරගලය තවදුරටත් අහිංසක හා සාමකාමී එකක් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා කියනවා.
අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබූ පොහොට්ටුවේ ආධාරකරුවන්ගේ රැස්වීමක් අවසානයේ ගාලුපාරට පැමිණි පිරිස ගෝල්ෆේස් සහ කොල්ලුපිටියේ රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහරදී මසක් ගෙවුණු තැන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පාර්ලිමේන්තුව අමතා තිබීම විශේෂයක්.
අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් එදා අරගල භූමියේ සිටි ආගමික නායකයින්ද මෙම ඝාතන නැවැත්වීමට කතා නොකළ බවයි ඉල්ලා අස්වූ අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS