අය-වැය යෝජනාවක් අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යෝජනා කළ අධිභාර බද්දට සේවක අරමුදල් ඇතුළත් කිරීමට එරෙහිව අමාත්‍යවරු රැසක් ම සඳුදා (පෙබ. 14) ...
අය-වැය යෝජනාවක් අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යෝජනා කළ අධිභාර බද්දට සේවක අරමුදල් ඇතුළත් කිරීමට එරෙහිව අමාත්‍යවරු රැසක් ම සඳුදා (පෙබ. 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකිරීමට සූදානම් බව ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ.
අධිභාර, අධික ලාභ ලබන සමාගම්වලින් බදු ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පැන වූ බවට මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළ ත් අපේක්ෂිත ආදායම වන රුපියල් බිලියන සීයෙන් වැඩි පංගුවක් සේවක අරමුදල්වලින් ලබා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වීම නිසා මෙසේ අමාත්‍යවරුන්ගේ විරෝධය පළවීමට නියමිත යැයි ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.
මෙම අධිභාර බද්දට වැඩ කරන ජනතාවට අයත් අරමුදල් ඇතුළත් කිරීමෙන් එම අරමුදල්වල සාමාජිකයන්ට අදාළ වර්ෂයේ ගෙවන ප්‍රතිලාභ පහළ බසින්නේ යැයි ද එය රජයක් විසින් කරනු ලබන අයුතු ලාභ ලැබීමක් යැයි ද එම අමාත්‍යවරයා කීය.
එසේ ම, මෙම බද්දෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කෙරෙන බද්ද ගැන මුදල් ඇමතිවරයාගේ පැහැදිලි කිරීම නිරවුල් නැතැයි කී හෙතෙම, යෝජිත බදු අය කරගැනීම එපරිද්දෙන්ම ම වුවහොත් දේශපාලන වශයෙන් එය ආණ්ඩුවට පාරාවළල්ලක් වනු ඇතැයි අනතුරු ඇඟවීය.
මේ අතර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ‘ඉරිදා මව්බිම’ට අදහස් දක්වමින් පැවැසුවේ, මුදල් අමාත්‍යංශයේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් සේවක අර්ථසාධක අරමුදලෙන් පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 108.5ක (කෝටි 10,850ක්) බදු ආදායමක් හිමි කරගැනීමට රජයට හැකිවනු ඇති බවය.
එසේ වුවහොත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන්ට දැනට ගෙවනු ලබන සියයට හතක පොලිය තවදුරටත් අඩු වනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. දැනටමත් සේවක අර්ථසාධක අරමුදලෙන් වාර්ෂිකව රුපියල් බිලියන 37කට ආසන්න මුදලක් ආදායම් බදු වශයෙන් ගෙවන බවත් එසේ තිබියදී තවත් බිලියන 28.5ක් වැට් බදු වශයෙන් ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් රසිකා සිරිවර්ධනගේ අස්සනින් යුතුව 2020 වසරේ ඔක්තෝබර් හය වන දා අමාත්‍යංශය වෙත දන්වා එවා තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.
එසේ වැට් බදු ගෙවීමට එම අරමුදල ව්‍යාපාරික අරමුණින් හෝ ලාභාපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන්නක් නොව ජනතාවගේ අරමුදලක් බව ඉකුත් වසරේ අගෝස්තු 27 වන දා තමන් දන්වා යැවූ බව කී අමාත්‍යවරයා, සියයට විසිපහක අධිභාරය ගෙවිය යුතු ආයතනයක් ලෙස මෙම අරමුදල අර්ථ නිරූපණය කරමින් 2022 පෙබරවාරි 3 වන දා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් පෙන්වා දුන්නේ ය. 2017 අංක 243 දරන දේශීය ආදායම් පනත යහපාලන රජය මගින් ගෙන ආ පනතක් බවත් වැඩ කරන ජනතාවගේ මුදල් එසේ බදුවලට ම දියකර හැරීමෙන් වැඩ කරන ජනතාවගේ සාපයට ලක්විය හැකි බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා, මෙම බදු මුදල් අය කර ගැනීම ඉවත් කරන ලෙස තමන් කැබිනට් හමුවේදී යෝජනා කරන බවද කියා සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා දැනටමත් පනතට දැඩි විරෝධය ප්‍රසිද්ධියේ පළකර ඇති අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර දැනටමත් පක්ෂයේ නායකත්වය සමග මේ ගැන සාකච්ඡා කර ඇත.
මේ අතර යෝජිත බදු පනතට එරෙහිව එකම වේදිකාවකට පැමිණ ඒකාබද්ධ සටනක් දියත් කිරීමට වෘත්තීය සමිති රැසක් මේ වනවිට එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, යෝජිත බදු පනතට මතවාදීව එරෙහි සියලු ම වෘත්තීය සමිති ලබන 18 වන දා සවස කොළඹ මහජන පුස්තකාලයේදී රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය.

COMMENTS