දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා - මනෝ ගනේෂන්
Homeප්‍රවෘත්ති

මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා - මනෝ ගනේෂන්

PropellerAds

සිංහල හා දෙමළ භාෂා දෙකම මනාව හසුරුවමින් උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් වෙමින් ජාතික සංහිදියාව හා ශි‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීම වෙනුවෙන් තමන...

ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති නිතීය හා සාමය අමාත්‍ය ධූරය දැරෑ කාල සීමාවේ
මහරගම පොලීසිය තුල වෙඩි තැබීමක්
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර - ගමනාගමනයටත් බාධා
සිංහල හා දෙමළ භාෂා දෙකම මනාව හසුරුවමින් උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් වෙමින් ජාතික සංහිදියාව හා ශි‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දේශපාලන කාලය පුරාවට වෙර දැරූ බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක සමගි ජනබලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා පැවසීය.

එහිදි තමන් සෑම අවස්ථාවකදීම අන්තවාදය හා ජාතිවාදය පිටු දැකීමට කටයුතු කළ බවද ඔහු අවධාරනය කළේය.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ පසුගියදා කිරුලපන ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

අපි සජීත් පේ‍්‍රමදාස මහතාව ජනාධිපති අපෙක්ෂක ධුරය දක්වාම කැදවාගෙන ආවා. පසුව ඔහු විපක්ෂ නායක ධුරයට පත් කළා. මේ සියලූ කාර්යයන්හිදි මමත් ඇතුලූ දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය විශාල කැපවීමක් උතස්හායක් ගත් බව ජනතාව හොදින් දන්නවා.

2018 කුප‍්‍රකට ආණ්ඩු පෙරළිමේ කුමන්ත‍්‍රණයේදි මම කිසිදු අවස්ථාවක මුදලට වහල් වුණේ නැහැ මුදලට වහල් වී විකිණුණේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පාක්ෂිකයා රැක ගැනීමට පෙරමුණ ගත්තා. මම දේශපාලන පැති මාරු කළේ නැහැ. පසුගිය වසර 20 ක කාලයක් කළේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමයි.

දෙමළ ජනතාව අතර දෙමළ භාෂාවෙනුත් සිංහල ජනතාව අතරේ සිංහල භාෂාවෙනුත් මනාව කතා කිරීමේ හා දේශපාලන ඇත්ත ජනතාව වෙත පැහැදිලිව ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් මට තිබෙනවා. මට දෙමළ ජනතාවට මෙන්ම සිංහල මෙන්ම සමස්ත රටේ ජනතාවටම අමාත්‍යවරයෙකු ලෙස සේවය කළා. උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් බවට පත්වුණා. සෑම අවස්ථාවකදීම අන්තවාදය හා ජාතිවාදය පිටු දැක්කා. මගේ එකම උත්සහාය රටේ සංහිදියාව ඇති කර ශී‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීමයි. ඒ නිසා සිංහල ජනතාව මෙවර මැතිවරණයේදි මා හට ඡුන්දය ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිනවා.

පසුගිය ආණ්ඩු කාලයේ රුපියල් කෝටි 11 ක අමාත්‍යංශ ප‍්‍රතිපාදන මත කොළඹ දිස්ති‍්‍රක්කයේ සිංහල දෙමළ පාසල් රැසක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කළා. එමගින් ඔවුන්ගේ අධ්‍යාපනය ගොඩ නැංවීම මගේ අරමුණ වුණා.

මගේ වසර 20 ක දේශපාලන කාලයේදි ජනතා බදු මුදල් මිතුරන් සමග එක්ව සොරකම් කර නැහැ. රාජ්‍ය දේපල හොරකම් කොට වංචා කර බවට මට චෝදනා නැහැ. මම එහෙම හොරකම් ,වංචා ,දුෂණ කරලත් නැහැ. මට බාර් නැහැ. බාර් ලයිසන් නැහැ. එතිනොල් මත්ද්‍රව්‍ය ජාවරම් කළා කියල චෝදනා නැහැ. මගේ දැත් ජනතා සේවකයෙකු වශයෙන් පිරිසුදුයි. එමෙන්ම මම කිසිම දවසක පාර්ලිමේන්තු සභා ගර්භයේ හෝ මහජන පොදු ස්ථානයක අවිනීතව හැසිරිලා නැහැ. මම සෑමවිටම ප‍්‍රතිපත්තිමය දේශපාලනය අගය කරනවා. අපි ප‍්‍රතිපත්තිමය දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කළ යුතුයි.

– මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා - මනෝ ගනේෂන්
මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා - මනෝ ගනේෂන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHfLveGGmTaap6NPLFFRLJLRH9nHlw8ZFAF0intaUqz3DVxgSFjdVA2QSQtQCjbo3cGz-cemxicHHg7ZKsCiL7VuogISSnMpYBAM4p7neVKFyKrQU4zChKob7TpbeXEvk9ITqQfXENH6Q/s320/mano2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHfLveGGmTaap6NPLFFRLJLRH9nHlw8ZFAF0intaUqz3DVxgSFjdVA2QSQtQCjbo3cGz-cemxicHHg7ZKsCiL7VuogISSnMpYBAM4p7neVKFyKrQU4zChKob7TpbeXEvk9ITqQfXENH6Q/s72-c/mano2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_251.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_251.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy