දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක්…- විජිතගෙන් හෙලිදරවුවක්..
Homeප්‍රවෘත්ති

චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක්…- විජිතගෙන් හෙලිදරවුවක්..

PropellerAds

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බව සැක සහිත ය...

මුස්ලිම් මන්ත්‍රීවරු මැතිසබේ විරෝධතාවක!
ජනපති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
දිගන සිද්ධිය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බව සැක සහිත යයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළ බව එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කරන ලද
බියගුලු ප්‍රහාරය හෙළා දකිමු!

පිලියන්දල, වෑවල පෞද්ගලික නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අලුයම නාඳුනන කණ්ඩායමක් විසින් ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා දොරටුව බලහත්කාරයෙන් විවෘත කරවා ගෙන ඇතුල් වී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ආශ්‍රිත සිදුවීම් පිළිබඳව ආන්දෝලනාත්මක ජනමාධ්‍ය වැඩසටහන් සිදුකරන මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද මෙම බියගුලු ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු. ඔහුගේ සමාජ මාධ්‍ය රූපවාහිනී වැඩසටහන් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ දූෂිත දේශපාලකයින් මෙන්ම ඊට සම්බන්ධ කළු ව්‍යාපාරිකයින්ද විශාල ලෙස සමාජය හමුවේ නිරාවරණය වෙමින් තිබූ තත්වයක් තුළ මෙම ප්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් ලෙස සිදු කර ඇති බව පැහැදිලිය.

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබී ඇත්තේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැත. විශේෂයෙන් ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළය.

මෙවැනි තත්වයක් තුළ මෙම නින්දිත ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් ආණ්ඩුවට නොහැකි බව අවධාරණය කරන අපි, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු. මාධ්‍යවේදීන් බිය ගන්වා, තර්ජනය කර සත්‍යය යටපත් කරලීමෙන් තමන්ගේ බලය සදාකාලික කර ගැනීමට කිසිදු පාලකයෙකුට හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තර්ජනයට හා ප්‍රහාරයට ලක් වූ අවස්ථා ගණනාවක් අපි දැක ඇත්තෙමු. මෙවැනි බොහෝ සිදුවීම්වලට අදාළ ඍජු වරදකරුවන් හා පිටපස සිට ඔවුන් මෙහෙයවූවන් කිසිදා නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද නැත. එහෙත් නීතිය ක්‍රියාත්මක නොවූ එම සිදුවීම් පිටුපස, පැවති පාලනයන්ගේ සබඳතා තිබූ බවට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි.

එබැවින් පොලිස් පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලෙසත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සියලු දෙනා හඳුනාගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ආණ්ඩුවට බලකර සිටින අපි, මෙවැනි බියගුලු ප්‍රහාර හමුවේ නොසැලී සිටින ලෙසත් කිසිදු ආකාරයකින් තමන්ගේ මාධ්‍ය භාවිතයන් අත්නොහරින ලෙසත් සියලු මාධ්‍යවේදීන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

විජිත හේරත්
ප්‍රචාරක ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක්…- විජිතගෙන් හෙලිදරවුවක්..
චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක්…- විජිතගෙන් හෙලිදරවුවක්..
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhTQ88rqwtITWC5hpn7_XjWvERa9V4RAUSw6aaFOecAIpieIBxD2qpIOHm2krfLvHRS4_QlKzj9P-3mjz135tB2RNvvsBwB6rSsN7gRhBv880uqWR8tXbkbtvg_0UZ_agkBkI4jujzYSVNjBf8wOAs91aHhXRgNzDMoc1nh1XSI0Kj8orlBJT5SDhwj7A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhTQ88rqwtITWC5hpn7_XjWvERa9V4RAUSw6aaFOecAIpieIBxD2qpIOHm2krfLvHRS4_QlKzj9P-3mjz135tB2RNvvsBwB6rSsN7gRhBv880uqWR8tXbkbtvg_0UZ_agkBkI4jujzYSVNjBf8wOAs91aHhXRgNzDMoc1nh1XSI0Kj8orlBJT5SDhwj7A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy