දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගන සිද්ධිය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

දිගන සිද්ධිය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

PropellerAds

සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙළා දකින බවත් වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රිය...

ඉරිදා සහ පොහොය දිනවල බේරුවල ටියුෂන් තහනම්
මැදින් පුර පසළොස්වක පෝය අදයි
ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…
දිගන සිද්ධිය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙළා දකින බවත් වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 මාර්තු 06 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය පහතින්,

ගරු කථානායකතුමනි,

අද දින මා මෙම ප්‍රකාශය සිදු කරන්නේ පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හා ඊට පෙර අම්පාරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මෙම සභාව දැනුවත් කිරීමටයි.

පසුගිය 26 දින රාත්‍රියේ අම්පාර, ඩී.එස්.සේනානායක වීදියේ කාසිම් නම් හෝටලයක ආහාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින්ට ලබා දෙන ලද ආහාරවල යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුලත්ව තිබීම පිළිබඳව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා. ඉන් අනතුරුව කලහකාරී පිරිස් විසින් එම වෙළඳසැල ඇතුළු එම ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳසැල් හතරකට මෙන්ම මුස්ලිම් දේවස්ථානයකටද අලාභහානි සිදු කොට තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වූ වහාම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා.

නමුත් නීතිය ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩුවක් තිබූ බවට මා වෙත වාර්තා වුණා. එම නිසා පොලිස්පතිගේ නියෝගය මත මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය පිළිබඳව වෙනම විමර්ශණයක් සිදු කරමින් පවතිනවා.

එසේම, පසුගිය 22 වන දින අළුයම 02.00 ට පමණ තෙල්දෙණිය පොලිස් වසමේ කරලියද්ද ඉන්ධන පිරවුම්හලට ලොරි රථයකින් පැමිණි රියදුරෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි මුස්ලිම් තරුණයින් සිව් දෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඉහත පහරදීමෙන් ඇති වූ තුවාල හේතු කොටගෙන තුවාලකරු මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 වන දින අළුයම මිය ගොස් තිබෙනවා. මෙම පහරදීමේ සිද්ධියට අදාල සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

දෙවනුව, මෙම සිද්ධිය පාදක කරගනිමින් පසුගිය මාර්තු 04 වන දින රාත්‍රියේ අන්තවාදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් තෙල්දෙනිය පොලිස් වසමේ වෙළඳ සැල් දෙකකට, මුස්ලිම් වෙළඳසැලක් හා ඊට යාබද වෙළඳ සැලකට ගිනි තබා හානි කොට තිබෙනවා.

මෙම තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඒ අවස්ථාවේදීම කටයුතු කර ඇති අතර ජංගම මුර සංචාර, පොලිස් විශේෂ කාර්ය බලකාය හා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා. සිද්ධියට අදාළව සැකකරුවන් 24 දෙනෙකු එම අවස්ථාවේම තෙල්දෙනිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් 24 දෙනා අද දින තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018.03.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තත්වය එසේ තිබියදී නැවතත් ඊයේ දින දහවල් කාලයේදී අන්තවාදී පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති අතර එයින් වෙළඳසැල් 04 කටද, මුස්ලිම් දෙවස්ථාන 02 කටද අලාභ හානි සිදු වී තිබෙනවා. තත්වය තවදුරටත් ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන ලෙස ඊයේ දහවල් සිට අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ද පනවනු ලැබුවා. එසේම පල්ලෙකැලේ හා තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශවල
ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

එසේම දිගන කෙන්ගල්ල ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක් වූ වෙළඳ සැලක් තුළ වයස අවුරුදු 24 ක පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී අද උදෑසන හමු වී තිබෙනවා. මේ පිළිබඳවත් විමර්ශන සිදුවන අතර වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පිටත්කර තිබෙනවා.

ගරු කථානායකතුමනි,

ඊයේ සවස ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. මෙහිදී සාමාන්‍ය ජනජීවිතය කිසිදු බාධාවකින් තොරව ගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙසටත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, ඕනෑම ආකාරයක නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීමට සූදානම්ව සිටින ලෙසටත් එහිදී ආරක්ෂක ප්‍රධානීන්ට හා පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ දින රාත්‍රිය පුරා මහජන නියෝජිතයින්, ආගමික නායකයින්, පොලිස්පති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තත්වය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.

ගරු කථානායකතුමනි,

මෙම සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙලා දකිනවා. වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නැහැ. තිස් වසරක කුරිරු යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් සාමයේ, එකමුතුකමේ හා නිදහසේ වටිනාකම අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා. දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම, විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්ට තිබෙනවා. ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබාගැනීම ඔවුන්ගේ එකම අරමුණයි.

ජාතීන් අතර වෛරී හැඟීම් ඇති වන ආකාරයේ නොමඟ යවන සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම, විශේෂයෙන්ම සමාජ ජාලා හරහා විකෘති තොරතුරු පතුරුවා හැරීම වැනි ක්‍රියා සංවිධානාත්මකව සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

එක් කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා සැලසුම් සහගතව පසුගිය මාස 09 තුල මුස්ලිම් ජාතියෙන් සිංහල ජාතියට තර්ජනයක් සිදු වන බවට ප්‍රචාරයක් සිදු කර තිබෙනවා. ඒ සඳහා අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කොට තිබෙනවා.  සමහර මුස්ලිම් සංවිධාන මෙයට පිළිතුරු දී තිබෙනවා. දීර්ඝ කාලයක් තුල මේ කණ්ඩායම ජාතිවාදය පතුරා තිබෙනවා. මෙයින් උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ රටේ බහුතරය සිංහල බෞද්ධයින්. සිංහල බෞද්ධයින් ලෙස අපි ඒ උරුමය ආරක්ෂා කරනවා. ඒ උරුමයට හෝ අයිතිවාසිකම්වලට හානියක් වෙලා නැහැ. තර්ජනයක් වෙලා නැහැ. එසේ සිදු වීමට අපි ඉඩදෙන්නේ නැහැ. 

ශ්‍රී ලාංකිකයින් ලෙස වෙනත් ජාතීන් හා ආගම් මේ රටේ ජීවත් වෙනවා. සියලු ජාතීන්ට හා ආගම්වලට කිසිම හිරිහැරයක් නැතිව තමන්ගේ සංස්කෘතිය භුක්ති විදීමටත්, ආගම ඇදහීමටත් අයිතියක් තිබෙනවා. මේ තමයි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිට ශ්‍රී ලාංකික සංකල්පය. අපි එය ආරක්ෂා කරනවා. එබැවින් මුස්ලිම් දේවස්ථානවලට සිදුවූ හානිය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. 

මෙම සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැහැ. 

ගරු කථානායකතුමනි,

මෙම නොසන්සුන්කාරී තත්වයේදී ඉතා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව කටයුතු කොට තත්වය පාලනය කිරීමට කැපවූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත් සියලු ජන කොටස් වෙතටත් මාගේ විශේෂ ස්තුතිය පිරිනැමීමට කැමතියි.

එසේම මෙම අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද රජය විසින් කටයුතු කරනු ලබන බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.


ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් අවසන් වශයෙන් මා ඉල්ලා සිටිනවා.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගන සිද්ධිය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
දිගන සිද්ධිය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
http://am.lk/media/k2/items/cache/a827f3c491856876a3074443de8107b9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy