ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ජනතා විමුක්ති පෙරමුණ මේ බිත්තර ප්‍රහාරය එල්ල කරගත්තා දැයි සොයා බැලිය යුතු බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසය...
ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ජනතා විමුක්ති පෙරමුණ මේ බිත්තර ප්‍රහාරය එල්ල කරගත්තා දැයි සොයා බැලිය යුතු බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි.
“ ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ජනතා විමුක්ති පෙරමුණ මේ කටයුත්ත කරගත්තද කියලා හොයන්න ඕන. මොකද ඒ අයගෙ ඉතිහාසය ගත්තම මේ රටේ රාජ්‍ය දේපල නිවාස ටයර් සෑයවල් ගොඩනගපු දේශපාලන පක්ෂයක්. එවැනි පක්ෂයක් සමහරවිට මෙවැනි දේවල්වලට සම්බන්ධ වෙන්නත් පුලුවන්.
තමන් විසින්ම තමන් කරගත්ත ද දන්නෙ නෑ. ජනතා විමුක්ති පෙරමුණ කියනවනෙ දැන් ජනතාවට දැන් තේරිලා කියලා. එහෙම තේරිලා කවුරුහරි කරපු කාරණයක් ද කියලත් හොයන්න ඕන. එහෙමත් නැතිනම් මේක පෞද්ගලික කෝන්තරයක් ද කියලා හොයන්න ඕන. මොකද අපේ සන්ධානය මේ කිසිසේත් මේ කටයුත්තට කිසිම සම්බන්ධයක් නෑ. ඒ වගේම මේ සිද්ධිය අපි දැඩි සේ හෙළා දකිනවා.

COMMENTS