ලොව උසම කන්ද වන එවරස්ට් කදු මුදුන තරණය කල පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාල හා එම කන්ද තරණය කල දෙවන ශ්‍රී ලාංකිකයා වන යොහාන් පීර...
ලොව උසම කන්ද වන එවරස්ට් කදු මුදුන තරණය කල පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාල හා එම කන්ද තරණය කල දෙවන ශ්‍රී ලාංකිකයා වන යොහාන් පීරිස් නව අභියෝගයක් ජය ගැනීම අරඹා තිබේ.
ඒ, Seven Summits නමැති අභියෝගයයි.
Seven Summits අභියෝගය යනු මහාද්වීප 7 පිහිටා ඇති උසම කදු මුදුන් තරණය කිරීමයි.
මේ වන විට ජයන්ති හා යොහාන් අප්‍රිකානු මහාද්වීපයේ උසම කදු මුදුන වන කිලිමන්ජාරෝ කන්ද තරණය කර ඇති අතර Seven Summits අභියෝගය ජය ගැනීමට ඔවුන්ට තවත් කදු මුදුන් 5 ක් ඉතිරිව තිබේ.
ඒ අනුව එළැබෙන බ්‍රහස්පතින්දා (31) ජයන්ති හා යොහාන් ආර්ජන්ටිනාව බලා පිටත්ව යන්නේ දකුණු ඇමරිකා මහාද්වීපයේ උසම කන්ද වන (අ)කොන්කාවා (Aconcagua) තරණයටයි.
Seven Summits අභියෝගය අඩුම කාලයකින් එනම් දින 117 කින් තරණය කර අවසන් කර ඇත්තේ ස්ට්වී පලින් නැමති ඕස්ට්‍රේලියානු ජාතිකයාය.
COMMENTS