දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න

PropellerAds

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් නිදොස්ක...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න සජබ-පොහොට්ටු-ශ්‍රීලනිප-TNA මනෝ-හකීම්-රිෂාඩ් එකතු වෙයි! විශේෂ සාකච්ජාවක් තියයි! (PHOTOS)
ලංකාවේ පෙරළිය වතිකානුවටත් දැනෙයි! පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරයි!
ගෝඨා-රනිල් උඹලා දෙන්නාට මේ කියන්නේ 13 රෑ 12 වෙනකොට උඹලා ගියේ නැත්නම් වරාය-බැංකු-දුම්රිය-රෝහල්-බස් ඔක්කොම නවත්වනවා! ඒකාබද්ධ වෘත්තීය සමිති රටටම දැනුම් දෙයි! (VIDEO)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් නිදොස්කර නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (18) නියෝග කර තිබිණි.

මෙම නියෝගය ලබාදෙන ලද්දේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරු මඩුල්ල විසිනි.               

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිශ්චිත බුද්ධි තොරතුරු තිබිය දී එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරී පැහැර හැරීම මිනීමැරුම ඇතුළු චෝදනා ඔවුන්‍ දෙදෙනාට එල්ල වී තිබිණි.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සැකයකින් ඔබ්බ‍ට ඔප්පු වී නොමැති බැවින් විත්තිවාචිකය කැඳවීමකින් තොරව ම ඔවුන් දෙදෙනා නිදොස්කර නිදහස් කළ බව ද විනිසුරු මඩුල්ල කියා තිබිණි.

මෙම විනිසුරු මඩුල්ලේ සභාපති නාමල් බලල්ලේ විනිසිරුවරයා හේමසිරි ප්‍රනාන්දුගේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යම් පුද්ගලයකු “නොකර හැරීමක්” සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරන අවස්ථාවක ඒ බව තහවුරු කිරීම සඳහා ඊට චේතනාවක් තිබූ බව ද සනාථ කළ යුතුයැයි ප්‍රකාශ කළේය. විනිසුරුවරයා කියා සිටියේ මෙම නඩුවේ දී විත්තිකරු යම් කාර්යයක් ඉටුකිරීම පැහැර හැර ඇත්නම් එය චේතනාන්විතව සිදුකර ඇති බවට සාක්ෂි මගින් සනාථ කිරීමට පැමිණිල්ල අසමත් වූ බවයි.

එමෙන් ම විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් කියා සිටියේ “නොකර හැරීම” හේතුවෙන් මිනී මැරීමක් සිදුකළ බවට විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණන සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවයි.

“මෙම නඩුවේ පළමුවන සාක්ෂිිකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් අධිිකරණය හමුවේ දුන් සාක්ෂිය මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබී තිබූ තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් නොවූ බව පිළිගෙන තිබුණා. එම තොරතුර 100%ක් ම නිවැරදි බව පෙනී යන්නේ නැහැ. ප්‍රහාරය එල්ල වන කාලයේ රටේ පැවැති දේශපාලන වාතාවරණය මත ඇතැම් පුද්ගලයින් බුද්ධි සමාලෝචන රැස්වීම්වලට කැඳවීම සම්බන්ධයෙන් ද විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා වෙත සීමා පනවා තිබූ බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන දුන් සාක්ෂියෙන් අනාවරණය වුණා. ජාතික බුද්ධි ප්‍රධානියාට නිසි බලතල නොතිබූ බව ද ඔහුගේ සාක්ෂියෙන් අනාවරණය වුණා. එම නිසා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් විත්තිකාර ආරක්ෂක ලේකම්වරයාට මෙම ප්‍රහාරය සම්බන්ධයේන බුද්ධි තොරතුරක් ලබා දුන් බවට සාක්ෂි ඉදිරිපත් වී නැහැ.” යනුවෙන් විනිසුරු ඉර්ෂඩීන් ප්‍රකාශ කළේය.

එමෙන් ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති බව පැවසීය.

“මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින් ම 2019 අප්‍රේල් මස 04 වැනි දා විදේශයකින් තමන්ට තොරතුරක් ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානිය ප්‍රකාශ කළා. එම තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්ථනය කර ගැනීම සඳහා තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අධිකරණය හමුවේ පැහැදිළි කළේ නැහැ. ඔහු සඳහන් කරන්නේ මෙම තොරතුර තමන්ට විදේශයකින් ලැබුණු බව පමණයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන්ට ලබාදුන් තොරතුරට අවශ්‍ය පියවර ගැනීම සඳහා විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා “නොකර හැරීමක්” සිදුකළ බවට එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට ප්‍රබල හා කාවදින සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව අපට පෙනී යනවා. මෙම නඩුව ගොනු කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බලන්න තිබුණා” යනුවෙන් ද විනිසුරුවරයා කීවේය.

සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙසේ කීවේය.

“මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වශයේන සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය වගකීම පැහැර හැර එය ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට කටයුතු කළ ආකාරයක් පෙනී යනවා. සිද්ධිය වන අවස්ථාවේ රටේ තිබූ දේශපාලන වාතාවරණය හා රජය තුළ පැවැති අර්බුද පිළිබඳ සාක්ෂි විභාගයේ දී කරුණු අනාවරණය වුණා. එම තත්වය හමුවේ තීරණ ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණ තත්වයක පසු වූ බවත් පෙනී යනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉතා සංවේදී කාරණයක්. එම ප්‍රහාරයෙන් කිතුනු භක්තිකයන් විශාල පිරිසක් මියගියා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. තවත් පිරිසකට දෙමව්පියන් හා ඥාතීන් අහිමි වුණා. සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරව කවර හෝ පුද්ගලයකුට නඩු පැරවීම අනුමත කරන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීමේ දී වඩා ප්‍රවේශම්කාරී විය යුතුයි.”

“දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නැහැ. ඒ හේතුවෙන් මෙම නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගේ සාක්ෂිය මෙහෙයවීමෙන් පසුව අනාවරණය වූ කරුණු ඔස්සේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද නැද්ද යන්න තීරණනය කිරීමට පවා පැමිණිල්ලට හැකියාවක් තිබුණා. නඩුවේ විත්තිකරු අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගතයි.” යනුවෙන් පටබැඳිගේ විනිසුරුවරයා කීවේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ගේ කියා සිටියේ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබුණ ද එම ප්‍රහාරය එල්ල වන දිනය සහ ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අසමත්ව ඇති බවයි.

“පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය සාක්ෂිවලින් කොළඹ තදාසන්න ස්ථාන අටකට ප්‍රහාර එලල් වන බවට සඳහන් කර තිබුණා. එහෙත් එම තොරතුරු තුළින් “පල්ලිවලට හෝ හෝටල්වලට” ප්‍රහාර එල්ලකරන බවට සඳහන් කර තිබුණත් එම ස්ථාන පිළිබඳ නිශ්චිත සඳහනක් තිබුණේ නැහැ. මෙවැනි තොරතුරක් සම්බන්ධයේන විත්තිකාර පොලිස්පතිවරයාට ප්‍රායෝගික පියවරක් ගැනීම අපහසුයි. මෙම බෝම්බ පිපිරීම් මාලාව කෙටි කාලයක් තුළ සිදුවී ඇති බව සාක්ෂි මගින් අනාවරණ්‍ය වුණා. ඒ අනුව විත්තිකරුට ලැබුණු තොරතුරු මත එය වැළැක්වීමට ප්‍රමාණවත් කාලයක් තිබූ බව පෙනී යන්නේ නැහැ. එමෙන් ම ප්‍රහාරය සම්බන්ධයේන රාජ්‍ය බුද්ධි සේවය නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී තිබෙන බවත් සාක්ෂිවලින් පෙනී යනවා.”

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙසේ කීවේය.

“ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ලබාදුන් තොරතුරු විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ සිටි නිලධාරීන් වෙත අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමුකර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වී වුණා. ආරක්ෂක කරුණු සම්බන්ධයේන පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයා දැනුම්වත් කරන බවත් සාක්ෂිවලින් අනාවරණය වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි සේවයේ ප්‍රධානියා නොව ඔහු රජයේ බුද්ධි සේවයේ ප්‍රධානියා වෙයි. ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබුණු තොරතුර පිළිබඳ ඔහු විසින් යුද හමුදා බුද්ධි අංශය ඇතුළු ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර නැහැ. එවැනි තොරතුරු හුවමාරු කිරීමට ඔහුට හැකියාවක් තිබුණා. එසේ නොකිරීම ගැටලුසහගත තත්වයක් මෙම සිදුවීම් මාලාව හොඳින් දන්නා පුද්ගලයකු තමයි එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා. එහෙත් පැමිණිල්ල විසින් ඔහු සාක්ෂියට කැ‍ඳෙව්වේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂියට කැඳවූයේ නම් පැමිණිල්ලට අවාසිදායක හෝ විත්තියට වාසිදායක සාක්ෂියක් ඉදිරිපත්වීම හේතුවෙන් එය සිදුකර නොමැති බව පෙනී යනවා.”

ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුවරයා සමස්ත සාක්ෂි විශ්ලේෂනය කිරීමේ දී අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයෙ නායක සහරාල් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයන්ට විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ආධාර අනුබල දීමක් සිදුකර ඇති බවට ප්‍රබල සාක්ෂිි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කර සිටි‍යේය.

ඒ අනුව විවත්කාර හිටපු පොලිස්පතිවරයා ද, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කර නිදහස් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කරන ලදී.

“මෙම නඩුව වසර දෙකහමාරක් පමණ ඇදගෙන යාමට තිබූ නඩු දෙකක්. එහෙත් එය මාස හතක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට අපට හැකිවුණා. ඒ සඳහා අනිකුත් සාමාජික විනිසුරුවරුන් දෙදෙනා, රජයේ නීතිඥවරු සහ අධිකරණ කාර්ය මළ්ඩලය ලබාදුන් සහයට ස්තූතිවන්ත වෙනවා යැයි සභාපති විනිසුරු නාමල් බලල්ලේ කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න
පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh1vWWEydvx43NhflghvMeYOz5csLhT1v5cuKcV2V6twef5laQqOqO0WQWsqW2Ok6o1W2LsJgkeoCteqRNbtpBYkWSH3dJpa6n1pCCjF0sIZDiydBLf1QEoMp1Fw5SRAZp8hR5Swnjndx0PnMYsHAVT2tHJElsW-MTFREeimvfH3EUUaQsGsUOKbTIwSw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh1vWWEydvx43NhflghvMeYOz5csLhT1v5cuKcV2V6twef5laQqOqO0WQWsqW2Ok6o1W2LsJgkeoCteqRNbtpBYkWSH3dJpa6n1pCCjF0sIZDiydBLf1QEoMp1Fw5SRAZp8hR5Swnjndx0PnMYsHAVT2tHJElsW-MTFREeimvfH3EUUaQsGsUOKbTIwSw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy