විදුලි පාරිභෝගිකයින් ලෙස මෙරට ජනතාව විදුලි බිල්පත් ගෙවීම සිදු කළ යුතු වුවත්, ඊට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරු ඇතුළු මෙරට මැති ඇමතිවරු විසින් භාවි...
විදුලි පාරිභෝගිකයින් ලෙස මෙරට ජනතාව විදුලි බිල්පත් ගෙවීම සිදු කළ යුතු වුවත්, ඊට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරු ඇතුළු මෙරට මැති ඇමතිවරු විසින් භාවිත කළ විදුලියට අදාළ බිල්පත් අය කරගැනීම සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානයේ ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, විදුලි බිල් නොගෙවා සිටින මැති ඇමතිවරු සම්බන්ධව තමන්ට ඉඟි ද ලබා දිය හැකි බව යි.
කිරුළපන, සරණංකර පාරේ පිහිටි නිවාසයක වාසය කරන මෙරට බලගතු කැබිනට් අමාත්‍යවරයෙකු ද ඒ අතරවන බව ඔහු අනාවරණය කළා.
බිල් නොගෙවන බලගතු ඇමති
අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ නිවසෙහි විදුලි හිඟ බිල පමණක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණවන බව ජයලාල් මහතා හෙළි කර සිටියා.
එබැවින් බිල් පත් ගෙවීමට ප්‍රමාද වූ මෙරට සාමාන්‍ය ජනතාවගේ විදුලි බලය විසන්ධි කිරීමට පෙර අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ නිවසෙහි එක් කෝටි විසි ලක්ෂයක විදුලි බිලට අදාළ විදුලිය විසන්ධි කිරීම සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ විදුලි බිල ගෙවා නොමැති වීම හේතුවෙන් කිරුළපන විදුලිබල මණ්ඩල කාර්යාලයේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරුන් අදාළ අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඇති නමුත් ඔවුන්ට සිය රාජකාරිය සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව යි.
අමාත්‍යවරයා සිය ආරක්ෂක අංශ යොදවා විදුලි මීටරය සමීපයට යාමට ඉංජිනේරුවරුන්ට ඉඩ ලබා නොදෙන බව ද ජයලාල් මහතා අනාවරණය කොට සිටියා.
රන්ජන් ජයලාල් මහතා අවසානයේ දී මේ අයුරින් ද අදහස් පළ කොට සිටියා.
“ඒ නිසා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට අපි බොහොම වගකීමෙන් කියනවා, කරුණාකරලා කියන්න, මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කීයක් හිඟ මුදල් ගෙවන්න තියෙනවාද විදුලිබල මණ්ඩලයට”
ඒක අපේ වැඩක් නෙවෙයි
මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ විදුලි බිල්පත්වලට අදාළ මුදල් අයකර ගැනීම විදුලිබල මණ්ඩලයේ කාර්යයක් මිස තම කොමිසමෙහි කාර්යයක් නොවන බව යි.
තමන් සිදු කරන්නේ නියාමනය පමණක් බවත්, එහි දී පරිභෝජනය පිළිබඳ පමණක් තමන්ට වැදගත් බවත්, පාරිභෝගිකයා කවුරුන් ද යන්න තමන්ට වැදගත් නොවන බවත් ඔහු පවසනවා.
පාරිභෝකයා සාමාන්‍ය පුද්ගලයෙකු වුවත්, දේශපාලනඥයෙකු වුවත්, රාජ්‍ය ආයතනයක් වුවත්, පුද්ගලික ව්‍යාපාරයක් වුවත් මහජන උපයෝගිතා කොමිසම අවධානය යොමු කරන්නේ පරිභෝනය පිළිබඳ පමණක් බව ඔහු පෙන්වා දෙනවා.
එබැවින් සිය ආයතනය කිසිදු පුද්ගලයෙකුට විශේෂත්වයකින් සැළකීමක් සිදු නොකරන බව ඔහු අවධාරණය කොට සිටියා.

COMMENTS