දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වික්ටෝරියා, කොත්මලේ බිද වැටුනොත් පැය 18-24ක විදුලි කප්පාදුවක්!
Homeප්‍රවෘත්ති

වික්ටෝරියා, කොත්මලේ බිද වැටුනොත් පැය 18-24ක විදුලි කප්පාදුවක්!

PropellerAds

වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩනැගීම සඳහා වන කරුණු 5 කින් යුත් 43 සේනාංකයේ “ගොඩ එමු, ගොඩ නගමු” වැඩපිළිවෙල හැන්සාඩ් ගත කිරීම සඳහා සමගි ...

ආණ්ඩුව වැරදි පාරෙ යනව නං ජනාධිපති ඒක බලාගනී - විජයමුනි සොයිසා
ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ
අයියන්ඩිය බිය නොවන්න, FCID යන සැටි මම පෙන්වමි !
වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩනැගීම සඳහා වන කරුණු 5 කින් යුත් 43 සේනාංකයේ “ගොඩ එමු, ගොඩ නගමු” වැඩපිළිවෙල හැන්සාඩ් ගත කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පෙබරවාරි 23 පාර්ලිමේන්තුවේ දී එම ප්‍රකාශනය සභාගත කරන ලදී.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා;


“අද දිනයේ පැය 4 1/2 ක විදුලි කප්පාදුවක්  සිද්ධ වෙනවා.  ඊයේ පැය 3 ක විදුලිය කප්පාදුවක් වුණා. මේ ප්‍රශ්නය මොකක්ද කියන එක ගැන සමාජය දැනුවත් කිරීම මං හිතන්නේ මගේ වගකීමක් මේ ආයතන පාලනය කළ කෙනෙක් හැටියට. මෙතන තියෙන්නේ බලාගාර නැතිවීම නිසා ඇතිවුන ධාරිතා ගැටලුවක් ද එහෙමත් නැත්නම් මෙතන තියෙන්නෙ ඉන්ධන නොමැති වීම නිසා තියෙන ගැටලුවක්ද? අද ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාවර ධාරිතාව මොකක්ද? ප්‍රධාන ජල විදුලි බලාගාරවල තියෙනවා මෙගාවොට් 1383 ක්. තාප විදුලි වලට අයිති ඒවා තියෙනවා 1554 ක්. පුත්තලම ගල් අඟුරු බලාගාරයත් එක්ක. තාප විදුලි පුද්ගලික අංශයේ තියෙනවා 614 ක්. මේ සියල්ලම එකතු කළාට පස්සේ මෙගාවොට් 2261ක්. ඒ වගේම ස්ථාවර විදුලිය තියෙනවා මෙගාවොට් 3551 ක්. ඒ වගේම පුනර්ජනනීය විදුලිය, කුඩා ජල විදුලිය තියෙනවා මෙගා වොට් 449 ක්. සුළං බලය තියෙනවා 248 ක්. වහල මත තියෙන රූප්ටොප් සෝලාවල තියෙනවා මෙගා වොට් 480ක්. පද්ධති සූර්ය බලය තියෙනවා මෙගා වොට් 100ක්. ජීව පද්ධති තියෙනවා මෙගා වොට් 60 ක්. එකතුව මෙගාවොට් 1337 යි.  සියල්ලේම එකතුව 4888 යි.  මේ තමයි තත්ත්වය.

ධාරිතා ප්‍රශ්නයක්  තියෙනවා නම් රටේ ඉල්ලුම මෙන්න මේ ප්‍රමාණය ඉක්මවා යන්න ඕනේ. අද දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත පද්ධතියට අනුව අද දහවල් 11.30 ට උපරිමය තියෙන්නේ මෙගා වොට් 2250 යි.  හවස 4.00 ට උපරිමය තියෙන්නේ 2370 යි. රාත්‍රී උපරිමය හවස 6.30 සිට 9.30 දක්වා මෙගා වොට් 2700 යි. එහෙම නම් 4888 ක් අතේ තියාගෙන 2700 ක් සපයන්න බැරිකමක් නෑ. ඒ නිසා මේ බලාගාර හැදුවේ නෑ. බලාගාර නෑ කියන ධාරිතා ප්‍රශ්නයක් මෙතන නැති බව බොහොම පැහැදිලියි. මෙතන තියෙන්නේ ඉන්ධන ප්‍රශ්නයක්. කොටින්ම කිව්වොත් අද ඉන්ධන නොමැති වීම නිසා කැලණිතිස්ස බලාගාරයේ ජීටී 7 යන්ත්‍රය, ඒ වගේම එහි තියෙන කුඩා ජී. ටී. බලාගාර ඒ වගේම මතුගම තුල්හිරිය, කොලොන්නාවේ තියෙන සෆ්ලිමෙන්ට්‍රි පව‍ර්. ඒ වගේම වැදගත්ම එක තමයි වෙස්කෝස් බලාගාර‍ය අද වැහිලා තියෙනවා. මේ නිසා අති විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා. අද දින විදුලි තත්වය ගත්තහම. තාප විදුලිය ධාරිතාව  2160 ක්  තිබුනට, අද සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ, මෙගාවොට් 1023 ක් පමණයි. මේකයි ඇත්ත. ඒක වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි, තෙල් ලබාදීලා නැති නිසා.

ඒ අනුව, මෙගාවොට් 1145 ක හිඟයක් ඇතිවෙලා තියෙන්නේ බලාගාර තනපු නැති නිසා නෙමෙයි. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන්න අපොහොසත් වීම නිසා. ඒ නිසා, අද ඇත්තටම ඉන්ධන තත්ත්වය ගැනත් මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී. හැමෝම මේ ඩීසල් ගැන කතා කරනවා. දැවි තෙල් වලින් අවශ්‍යතාවය 1036 යි. අද තියෙන්නේ 933 යි. නත්‍ය අවශ්‍යතාවය 950 යි. ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක පිරිපහදුවෙන් ලැබෙන්නේ. ඩීසල් අවශ්‍යතාව ඝන මීටර් 2640 ක්. තියෙන්නේ 650 යි.  ඩීසල් 990 ක  හිඟයක් අද මේ සියල්ල එකතු කළාම තිබෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ඉතාම බරපතල අනතුරු ඇඟවීමක් කරන්න ඕනේ. මේ ජනවාරි පළවෙනිදා ජල පද්ධතියේ විශාල ජල පද්ධතියේ අපේ ධාරිතාව තිබුණා 88% ක. පසුගිය වසරේ ලංකා ඉතිහාසයේ වැඩිම ජල අස්වැන්න අපිට ලැබුණා. ඒ නිසා අපි ලබන මැයි මාසේ දාහතර වෙනිදා වෙනකම් නිරිත දිග මෝසම් සුළඟ එනකන් මේ ජලය ඉතාම පරිස්සමෙන් පරිහරණය කළ යුතුව තිබුණා. නමුත් මොකක්ද අද තත්ත්වය? අද මේ වෙනකොට ජනවාරි පළවෙනිදා තිබිච්ච 88% ක ධාරිතාව 41% ට වැටිලා තියෙනවා. ඊයේ ගහලා තියෙනවා

ගිගාවොට් 10.9ක්. මේ ආකාරයට ම මේ ජල විදුලිය ඇද්දොත් අපි ලබන මාර්තු අගදී, අප්‍රේල්වල මුලදී, යල කන්නයට ජලය නිකුත් කරන්න තියෙනවා. පානීය ජලය නිකුත් කරන්න තියෙනවා. මේක ඉතාම බරපතළ අර්බුදයකට අපිව ගෙනෙනවා. මොකද? අපේ රටේ විදුලි පද්ධතියට, ජල විදුලිය කියන්නේ හුදු දෙයක් නෙවෙයි. විදුලි පද්ධතිය පාලනය කරන්නේ, ජල විදුලි බලාගාර වලින් ප්‍රධාන වශයෙන්ම කොත්මලේ බලාගාරයෙනුත්, වික්ටෝරියා බලාගාරයෙනුත්. එතකොට මේ බලාගාර දෙක මේ විදිහට ජලය පාවිච්චි කරලා, ඇද වැටුණොත්, මුළු විදුලිබල පද්ධතියම ඩීසල් තිබුණත් නැතත් කඩා වැටෙනවා. ඒ නිසා අද තියෙන පැය හතර, පැය දහ අට වෙන්න පුළුවන්. පැය විසි හතර වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ බලගතු අවධානයක් අවශ්‍යයි ඒවා පාලනය කරන අයට.

ඒ වගේම අපේ තෙල් අවශ්‍යතාව ගත්තොත් අද බලන්න ඩීසල් අවශ්‍යයි ප්‍රවාහනයට මෙට්‍රික් ටොන් 5500 ක්. විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම තෙල්, දැවිතෙල්, ඩීසල් ඔක්කොම ගත්තම මෙට්‍රික් ටොන් 4000 ක් අවශ්‍යයි. පෙට්‍රල් 3500 ක් අවශ්‍යයි.  දැන් මේවා සපයන්න බැරුව තියෙන්නේ ඇයි? මේවා සපයන්න බැරි වෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා. අද මේ රටට ඉස්සර තෙල් ගෙනාවේ අපි අධි මිල, එහෙම නැත්නම් ප්‍රිමියම් එක ඩොලර්  2 යි බැරලයට. අද ඩොලර් 8යි. ඒ වගේම පේමන්ට් එක අද 10%ක් වැඩි කරලා තියෙනවා. ඊයේ නැවට ඩොලර් මිලියන 36 ක් හොයාගන්න බැරුව රටේ මිනිස්සුන්ට දීපු වේදනාව අපි දැක්කා. අද රටේ තත්ත්වය ඒකයි.

සල්ලි ඕන තරම් තියෙනවා. ඩොලර් ඕන තරම් තියෙනවා. මාර්ග සිතියම් ආවා හය මාසේ, තුන් මාසේ. අද පේනවා අර්බුදයේ වැටිලා තියෙන තත්ත්වය. ඒක නිසා අපි කියනවා මේ ඇත්ත තත්ත්වයට අපි යමු. අද සිද්ධ වෙලා තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි. ඩොලර් නැති නිසා ජනතාවගේ පරිභෝජනය කප්පාදු කරලා අද ණය ගෙවන තත්වෙකටයි පත්වෙලා තියෙන්නේ. ජනතාවට කිරිපිටි නැතුව, ජනතාවට ඖෂධ නැතුව, ජනතාවට තෙල් නැතුව, ජනතාවට ගෑස් නැතුව, ජනතාවට විදුලිය නැතුව, ණය වාරික ගෙවීමට තමයි, අද සිද්ධ වෙලා තියෙන්නේ.

ඒ වගේම ඊයේ පෙරේදා මහ බැංකු අධිපතිතුමා, බැංකුවලට නියෝගයක් දුන්නා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනෙකුත් ආයතන වලට ඩොලර් නිකුත් කරන්න එපා කියලා. ඇයි? ඇයි එතුමාට මේක ගිය මාසේ තේරුනේ නැත්තේ? ගිය මාසේ තත්වය, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන සෘණ 1.9 යි.සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සෘණ 4.9 යි. මුළු බැංකු පද්ධතියම අද හූරන් කාලා තියෙනවා. බැංකු පද්ධතියේ සියලුම තැන්පතු වලින් 52% ක් මේ ආණ්ඩුව අරගෙන තියෙනවා තමන්ගේ සංවර්ධන කටයුතු සහ අනෙකුත් වියදම් සඳහා. මුළු බැංකු පද්ධතියම අද තියෙන්නේ, විශේෂයෙන්ම ලංකා බැංකුව හා මහජන බැංකුව. ඇද වැටීමේ මොහොතට කිට්ටු වෙලා සමහරු හිතනවා මේ රටේ තියෙන්නේ ඩොලර් හිඟයක් විතරයි කියලා. නෑ රුපියල් හිඟයක් තියෙනවා. මහ බැංකුවේ රුපියල් හිඟය ගිය සතියේදී රුපියල් බිලියන 617 යි. මං මේක නැවත අවධාරණය කරනවා.

එදා තායිලන්තයේ මූල්‍ය අර්බුදය ඇතිවුණු වෙලාවේ ඔය මහ බැංකු අධිපතිතුමා දවස් දෙකකට කළින් කිව්වා වගේ තවත් නං ඩොලර් නෑ. ඩීසල් වලට ගෙවන්න කිව්වා වගේ එතුමාට කියන්න සිද්ධ වෙනවා. තවත් නං රුපියල් නෑ. ආණ්ඩුවට දෙන්න කියලා. මෙන්න මෙදාට තමයි රට සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බංකොලොත්භාවයේ ඉමට වැටෙන තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා අද අපි තීරණයක් ගන්න ඕන. ණය අරගෙන ණය ගෙවනවා. සමහරු අහනවා යහපාලනය මොකද කළේ? ඔව්. ණය ගත්තා. ණය ගෙව්වා. හැබැයි ජනතාවගේ පරිභෝජනය කප්පාදු කළේ නැහැ. ඒ වගේම අපි මතක තියාගන්න ඕන මොනවද අපේ ප්‍රමුඛතා? අපේ ප්‍රමුඛතා අධිවේගී මාර්ග හදන එකද? අපේ ප්‍රමුඛතා පාරවල් ලක්ෂය කාපට් කරන එකද? හොඳයි ඒ වැඩ. හැබැයි අපේ ප්‍රමුඛතා අපි අඳුනගන්න ඕනේ. රටට කිරිපිටි ගේන්න ඩොලර් නැත්නම්, රටට ඖෂධ 120ක් ගේන්න ඩොලර් නැත්නම්, රටට තෙල් ටික ආහාර ටික ගේන්න ඩොලර් නැත්නම් ඒ ඩොලර්වලින් අඳුරේ ඉඳගෙන බයිසිකලේ යන ගමන් ඇස්පෝල්ට් ගේන්න, සිමෙන්ති ගේන්න, යකඩ ගේන්න, වානේ ගේන්න. ඒ විතරක් නෙවෙයි අපි අඳුනන අර රෝඩ් ෆර්නිචර් කියලා හඳුන්වන දේවල් ගේන්න. ප්‍රකෝටි ගණන් ධනය, සෑම අධිවේගී මාර්ගයකට යන වියදම් වලින් 35%-40% ඩොලර්. ඒවා ලංකාවේ කොන්ත්‍රාත් විදේශීය කොන්ත්‍රාත්කරුවන්ට දුන්නත් එකයි.  ඒ නිසා අපි ප්‍රමුඛතාවය අඳුනගන්න ඕනෙ, අපිට කරුණාවක් තියෙන්න ඕනේ, සහකම්පනයක් තියෙන්න ඕනේ. අපි කිරිපිටි දෙනවද? අධිවේගී පාරවල් හදනවද? අපි කපනවද? එහෙම නැත්නම් අධිවේගී පාරවල් හදනවද? අපි තෙල් නැතුව මිනිස්සු පෝලිමේ තියෙනවද? පාරවල් ලක්ෂ කාපට් කරනවද? අපි ගොවියාට පොහොර ටික නැති කරනවද? ගමේ වැඩ ලක්ෂේ කරනවාද? අද ධනය නැහැ මේ සෙල්ලම කරන්න.

ඒ නිසා අපට ඕන තරම් ධනය තියෙනවා කියන, මේවායින් අපි වෙන්වෙලා අපි මේ බර ජනතාවයි ණය හිමියෝයි අතරේ බෙදාගන්නා ක්‍රමවේදයකට මැදිහත් වීමක් අවශ්යයි. මා මේ අවස්ථාවේදී හැන්සාඩ් ගත කිරීම සඳහා මේ අවස්ථාවේදී සභාගත කරනවා. අපි මේ වෙනුවෙන් 43 සේනාංකයෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල කරුණු පහක්, කොළ එළි පහක් මේ රට ගොඩනගන්න. මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ගැන කතා කරන්න. රට බංකොලොත් වුනොත් අපේ ජීවිත කාලය තුළ මේක ගොඩනගා ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා පාර්ලිමේන්තුව දැන් මේ ක්‍රියාවලියට මැදිහත් විය යුතුයි.

– Media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වික්ටෝරියා, කොත්මලේ බිද වැටුනොත් පැය 18-24ක විදුලි කප්පාදුවක්!
වික්ටෝරියා, කොත්මලේ බිද වැටුනොත් පැය 18-24ක විදුලි කප්පාදුවක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgNuxp9uk2LFW1QNVAZ3kFqBdQtfb8gD0uSvPDqxTCiO2vBF7VHqIKqy5dv7nxMP16Nfo6L5K_-F_M05pcZZrZa9J0bKfo-3hbhLHdlfkNpeKcJcIZlZTLeWSvYJ1p3mOudxzMomvZRotpEqP_irqDrgP5WSDeXVrxHA3gd4dOURnGuQBxDgYQ6F7PZtg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgNuxp9uk2LFW1QNVAZ3kFqBdQtfb8gD0uSvPDqxTCiO2vBF7VHqIKqy5dv7nxMP16Nfo6L5K_-F_M05pcZZrZa9J0bKfo-3hbhLHdlfkNpeKcJcIZlZTLeWSvYJ1p3mOudxzMomvZRotpEqP_irqDrgP5WSDeXVrxHA3gd4dOURnGuQBxDgYQ6F7PZtg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/18-24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/18-24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy