මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අප සම්මුතිවාදී ආණ්ඩුවට එක්වුණේ ජනතාව වෙනුවෙන් පොරොන්දු රැසක් ලබදී නමුත් අද ඒ පොරොන්දුවලින් ...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අප සම්මුතිවාදී ආණ්ඩුවට එක්වුණේ ජනතාව වෙනුවෙන් පොරොන්දු රැසක් ලබදී නමුත් අද ඒ පොරොන්දුවලින් බාහිර වෙනත් ගමනක ආණ්ඩුව ගමන් කරන බව දැකිය හැකි යැයි ඒ මහතා කීවේය.
මහනුවරට ඉකුත්දා (අගෝස්තු 14) පැමිණි අමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදුටුවේය.
ජල කන්නයෙන් නෙළා ගත නව අස්වනු ශ්‍රී දන්තධාතූන් වහන්සේට පුජා කිරීම නිමිත්තෙන් පැවැත්වෙන යල් අස්වනු පූජා මංගල්‍යයේ දෙවන වැඩසටහන පිළිබදව මහා නායක හිමියන් දැනුවත් කොට උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම නිමිත්තෙන් මෙම බැහැදැකීම සිදුවිය.
මේ වන විට දිවයින් පුරා දැඩි නියං සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි මහා නායක හිමියන් හමුවේ කී අමාත්‍යවරයා මේ හේතුවෙන් වගා කටයුතුවලට පමණක් නොව බීමට පවා උග්‍ර ජල හිගයක් මතුව ඇතැයි කීවේය. මහ කන්නයේ ප්‍රථම අස්වැන්න ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කළත් යළ කන්නයේ අස්වනු පූජා කිරීමක් සිදුව නොමැති බව කීවේය.
නමුත් වාරිමාර්ග ඔස්සේ වගා කටයුතු කරන ගොවියන් යළ කන්නයේ සිය අස්වනු පූජා කිරීමට ක්‍රියාකරන බව කී අමාත්‍යවරයා සෙසු ආගම් නියෝජනය කරමින් දේවස්ථාන හා පල්ලි සදහා ද අස්වනු ලබාදීමට මෙහිදී පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙසේ සදහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය මත ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින් අප සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ජනතා පරමාර්ථ ඉටු කිරීමටයි මෙම ආණ්ඩුව බිහි කළේ. මේ ආණ්ඩුවේ කටයුතු කිරීම පුංචි දරුවන් වතුර හා ගින්දර සමග සෙල්ලම් කරනවා වැනියි. ආණ්ඩුව පිළිබදව විශ්වාස කොට ජනතාව ද ගහන ගහන පදයට නටනවා. හදන හදන පෙරමුණුවලට ඡන්දය ලබාදී ඔවුන් බලයට පත් කරනවා. නමුත් බලයට පැමිණි අයට කලකින් බලයට පත්වුනේ කුමන පොරොන්දු ලබාදීලා දැයි යන්න අමතක වෙනවා.
අද තිබෙන්නේත් එවැනි තත්ත්වයක්. නැවකින් විදෙස් ගමනක් යනවිට අතර මගදී නැවෙන් බැහැලා යන්න නොහැකි තත්ත්වයක් අද උදාවී තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා සෙසු මහජන බලවේග මහජන අවශ්‍යතා වෙනුවෙනුයි ක්‍රියාකළ යුතු වන්නේ.
මේ රටේ ජාතික ප්‍රශ්නය විසදිය යුතුයි. ජනතා ගැටලු සාපිපාසාව, කුසගින්න පිළිබදව අද කථා කරන්නේ නැහැ. වසර තිහක් පමණ දේශපාලනය කළ අපි මේ සම්මුතිවාදි ආණ්ඩුවට එක්වුණේ මහජනතාව වෙනුවෙන්. ඔවුන්ට යම් පිළිසරණක් විය නොහැකි නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා තීරණය සම්බන්ධයෙන් තමන් ද ක්‍රියාත්මක වන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වැඩිදුරටත් කීවේය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS