දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ පදවිප්‍රාප්තිය සමරන්න ඇමති දිලුම් ලොකු වැඩක් කරලා! වියදම මිලියන 136ක්!
Homeප්‍රවෘත්ති

ජනපතිගේ පදවිප්‍රාප්තිය සමරන්න ඇමති දිලුම් ලොකු වැඩක් කරලා! වියදම මිලියන 136ක්!

PropellerAds

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම ඊයේ (22) ජනාධිපති කාර්යා...

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළියට මුදල් දෙනවා නම් අපට වාහන බලපත‍්‍ර ඕනෑ - එජාප පලාත් සභා මන්ත‍්‍රීන් ඉල්ලති
කබීර් තීන්දුව ගනී.. සජිත් වෙනුවෙන් බෙල්ල දෙයි.. ධුරයෙන් ඉල්ලා අස්වෙයි !
ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත
ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම ඊයේ (22) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී  සිදු කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්සි.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටවනු ලැබුවා.

එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගෙන තිබෙනවා.

එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 දෙසැම්බර් මාසයේ දී සිදු වුණා.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට  වැය කළ මුදල රුපියල් මිලියන 136ක්.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග කථා බහ කරමින් ඔවුන් දිරිමත් කිරීමටද කටයුතු කළා.

ලංගම විසින් සෑම වසරකම එක් ඩිපෝවට බස්රථ දෙක බැගින් අලුත් වැඩියා කර පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ යළිත් ධාවනය සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ලංකාව පුරා පිහිටි ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107 ක මෙම බස් රථ නැවත පිළිසකර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

මෙම පුනරුත්ථාපන වැඩසටහන යටතේ හොඳම බස් රථය නැවත ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් එම බස් රථය අලුත්වැඩියා කල ඩිපෝව ඇගයීමකට ලක් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ලංගම පාඩු ලබන ආයතනයක් නොවන බවත් ඉන්ධන මිලදී ගැනීම සිදු කරන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුව බවයි.

මෙම බස් රථ මෙම ස්ථානයෙන් තම ඩිපෝ බලා පිටත් වුවද ඒ ගමනාන්ත දක්වා යන විට මගින් රැගෙන යාමට ද ක්‍රියාකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ පදවිප්‍රාප්තිය සමරන්න ඇමති දිලුම් ලොකු වැඩක් කරලා! වියදම මිලියන 136ක්!
ජනපතිගේ පදවිප්‍රාප්තිය සමරන්න ඇමති දිලුම් ලොකු වැඩක් කරලා! වියදම මිලියන 136ක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjbhuh1I3zgwE-d79jdmCqwI_nQccGSJqdJkIpoau3DXN_EKkYisBRlnb-FJ7lIzTt8NNZRjowfAgfPJXtAqSabPR9JbZJ3DtD2JWNXjEryYWR3U0knRuuj5HYB6LvyMwtDF0ad-Lwrh8NwjD6Ztc4jWBhLY0iyeylzv6EI4QM8b1f-eyhdb67G7Pi61w=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjbhuh1I3zgwE-d79jdmCqwI_nQccGSJqdJkIpoau3DXN_EKkYisBRlnb-FJ7lIzTt8NNZRjowfAgfPJXtAqSabPR9JbZJ3DtD2JWNXjEryYWR3U0knRuuj5HYB6LvyMwtDF0ad-Lwrh8NwjD6Ztc4jWBhLY0iyeylzv6EI4QM8b1f-eyhdb67G7Pi61w=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/136.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/136.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy