දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත
Homeප්‍රවෘත්ති

ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත

PropellerAds

අ ධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්...

බොදු බල සේනාව විජේදාසට මුහුණට මුහුණ අභියෝග කරයි
‘අපිට ලැබෙන්න තිබු මනාපෙටත් කෙලියා.. මේකා කරුමයෙක්..’ උකුසු ප‍්‍රකාශයට සිරිසේනට ශ‍්‍රීලනිපයෙන් දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ සමාව ගන්වන බව ශ‍්‍රීලනිය පොහොට්ටු ප‍්‍රබලයාට කියයි
කොරෝනා වෛරසය ලොව රටවල් 62ක් ආක්‍රමණය කරයි : අමෙරිකාවේ මරණ ගණන 6 ක් දක්වා ඉහලට - වොෂින්ටනයේ පාසැල් 48 ක් වසා දමයි
ධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා පැවසීය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට ආදාහන පූජොත්සවය පැවති අවස්ථාවේදී පබලපෑම් එල්ල කළ පිරිස් වෙතට විරුද්ධව උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් අද (24) උදෑසන 11.00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් පවත්වන බවට නීතිඥ පුනිදනාගම් මහතා පවසයි.

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු මුහුදු තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) දින නියෝග කළේය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

නමුත් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය ආදාහන කරන ස්ථානය පිළිබඳ තීන්දුව ලැබෙන අවස්ථාව වන විටත් ආදාහන පූජොත්සවය සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කොට තිබුණි.

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ  අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ  දේහය අව පැහැ ගැනීමත් නිසා ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම අවසන් කටුයුත සිදු කළ බවටය.

කෙසේ වෙතත් අද දින උතුරේ නීතිඥ වරුන් නඩු කටුයුතු වලින් ඉවත් වීම හේතුවෙන් නඩු විභාග වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි පිරිස් අපහසුතාවයන්ට පත්වෙමින් ආපසු නිවෙස් වෙතට පිටත් වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත
ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwBGzCnjVkp70q7m0vDgx6ET2Kt-BGHkHQS6QYK6p1Ga47FBeY0-UJaZkbG_1oSx-4lvLlcaZE8CVza7ZMI_Rv7qMOTvymShjHr4gApSMzL3m1NNoV71Yah6jlISeGzhgvuh_29-9_esMS/s320/4546.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwBGzCnjVkp70q7m0vDgx6ET2Kt-BGHkHQS6QYK6p1Ga47FBeY0-UJaZkbG_1oSx-4lvLlcaZE8CVza7ZMI_Rv7qMOTvymShjHr4gApSMzL3m1NNoV71Yah6jlISeGzhgvuh_29-9_esMS/s72-c/4546.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_142.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_142.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy