ර ටේ ආර්ථිකය යහපත් බවත්, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වලට රුපියල් මිලියන ගණන් දිය හැකි නම් කාල සීමාව සම්පූර්ණ වූ පළාත් සභා...
රටේ ආර්ථිකය යහපත් බවත්, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වලට රුපියල් මිලියන ගණන් දිය හැකි නම් කාල සීමාව සම්පූර්ණ වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය පමණක් ලබාදීමට මුදල් ඇමැතිවරයාට බැරි වී තිබෙන්නේ මන්දැයි, දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, බළපිටිය එජාප සංවිධායක අසෝක ධනවංශ ද සිල්වා මහතා බළපිටියේදී ප්‍රශ්ණ කළේය.
බළපිටියේ දී පැවති මාධ්‍ය හමුවක දී එසේ ප්‍රශ්ණ කල ඒ මහතා තව දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන බල පත්‍රය ලබා දිය යුතුයැයි වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දෙවරක්ම ප්‍රතික්ෂේප වූ බව පුවත් පත් මගින් දැන ගන්න ලැබුණා. පළාත් සභා ආරම්භයේ සිට මෙම අයිතිවාසිකම් මන්ත්‍රීවරුන්ට ලැබුණා. මීට පෙර බලපත්‍රය ලබා ගත් අයට අවුරුදු පහ සම්පූර්ණ වීමෙන් පසු හා අලුතෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට අවුරුදු දෙක හමාරක් ගත වූ පසු මෙම වාහන බලපත්‍රය ලබා ගැනීමට තිබෙන එකම සුදුසුකමයි.
පළාත් සභා ආරම්භයේ දී ජේ ආර් ජයවර්ධන රජයෙන් මන්ත්‍රීවරුන්ට අලුතෙන් වාහන ගෙනැවිත් දුන්නා. සුඵ මුදලක් ඒ සඳහා අය කර ගත්තා. ඉන්පසු රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන ආණ්ඩුවලින් අඛණ්ඩව මෙම වරප්‍රසාදය ලැබුණා. එහෙත් වර්තමාන අපේ රජයේ හිටපු මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායක මහතා පළාත් සභා මන්ත්‍රීවරුන්ටත්, රජයේ නිලධාරින්ටත් ලබා දී තිබූ වාහන බලපත්‍රය තාවකාලිකව නතර කළා. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් එම වරප්‍රසාදය නතර වුණේ නැහැ. මෑතක සිට රජයේ නිලධාරින්ට නැවත වාහන බලපත්‍රය ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දීල තිබෙනවා.
පාර්ලිමේන්තුවට වරින් වර පත්වෙන මන්ත්‍රීවරුන්ට ඊට පෙර ලබා ගත් වාහන බලපත්‍රය ගැන නොසලකා මේ වරප්‍රසාදය දෙනවා. කුරුණෑගලින් පත්වෙන අලුත් මන්ත්‍රීවරයාටත් වාහන බලපත්‍රය ලබා දෙනවා. පළාත් සභා මන්ත්‍රීවරුන්ට පමණක් කෙරෙන මෙම කුඩම්මගෙ සැලකිල්ල කුමක්ද?
මම මීට පෙර ලැබුණු බලපත්‍රයෙන් ලබා ගත් වාහනය ලීසිං කරලයි මැතිවරණ කටයුතු කළේ. පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ පසු නිල වාහනයක් ලැබුණු නිසා මා මිලදී ගත් වාහනය විකුණා ලීසිං එක ගෙවා දැම්මා. පළාත් සභාවේ නිල කාලය අවසන් වූ පසු නිල රථය ආපසු දුන්නා. දැන් මාහට කිසිම වාහනයක් නැහැ. රටේ ආර්ථිකය යහපත්, ඕන තරම් සල්ලි තිබෙනවා කියල රටේ හැම තැනම ගිහින් කියන අගමැතිතුමත් අපට හිමි මෙම වරප්‍රසාදය ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා. එහෙත් ඒ ඉල්ලීමටවත් එහා ගිහින් මුදල් ඇමැතිවරයා කරන මෙම අසාධාරණය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.
එමෙන්ම ජනාධිපතිතුමත් මේ වාහන බලපත්‍රය අවුරුදු පහෙන් පහට ලබා දිය යුතු නැති බව පවසනවා. එතුමත් ඒ ක්‍රමය අනුගමනය කළ යුතුයි. පළාත් සභාවල පොහොට්ටුවේ මන්ත්‍රීවරු වැඩියි කියල ජනාධිපතිතුමත් මුදල් ඇමැතිවරයාත් ප්‍රකාශ කරනවා. පොහොට්ටුවේ අයට වඩා විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි බව මම ඔප්පු කර පෙන්වනවා. නමුත් ජනාධිපතිතුමා වරින් වර පත් කරන ආණ්ඩුකාරවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරින්ට මේ වරප්‍රසාදය දෙනවනම් අපටත් ලබා දිය යුතුයි. නැතිනම් හිටපු මන්ත්‍රීවරුන්ට මෙය ලබා දී පළාත් සභාවලට අලුතෙන් පත්වෙන කිසිම මන්ත්‍රීවරයෙකුට මෙම වරප්‍රසාදය හිමි නොවන බව ප්‍රකාශ කළ යුතුයි. මෙම අසාධාරණ වැඩපිළිවෙළ ට එරෙහිව නැගී සිටීමට සිදු වෙනවා යැයි ද කීය.
– ජයකාන්ත ලියනගේ

COMMENTS