රට තිබෙන්නේ බරපතළ ව්‍යසනයක් අබියස බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරනවා. මේ නිසා රාජපක්ෂ පවුල් වාදය කියන වැදි බණ තවදුරටත් නොඅස...
රට තිබෙන්නේ බරපතළ ව්‍යසනයක් අබියස බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
මේ නිසා රාජපක්ෂ පවුල් වාදය කියන වැදි බණ තවදුරටත් නොඅසා වහාම ජනතාව මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවයි ඔහුගේ අදහස වන්නේ.
මහජන නැගිටීම
ඒ සඳහා මහජන නැගිටීමක් සිදු කළ යුතු කාලය දැන් එළඹ ඇති බව ඔහු සඳහන් කරනවා.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම මහජන නැගිටීම සාමකාමී අයුරින් අවිහිංසාවාදීව කළ යුතු බවයි.
මේ යන ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍යයට තවත් ඉදිරියට යා නොහැකියි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ප්‍රශ්නය උග්‍ර අතට
මහජනතාව මේ ප්‍රශ්නයට මැදිහත් වීම තව දුරටත් ප්‍රමාද කළ හොත් එය ප්‍රශ්නය තවත් උග්‍ර වීමට හේතුවක් වන බවද අවධාරණය කරනවා.
හිටපු අමාත්‍යවරයෙකුද වූ පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී.

COMMENTS