දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පානීය නොවන ස්ප්‍රීතු සඳහා නව බද්දක්.

පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රු. 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර...


පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රු. 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක් සඳහා රු. 25 ක නව බද්දක්ද, මහා භාණ්ඩාගාරය විසින් පනවා ඇත.

අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වන මෙම නව බදු පැනවීම සම්බන්ධයෙන් අංක 2029/50 සහ 28.07.2017 දිනැති ගැසට් පත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2017.07.28 දින නිකුත් කර ඇත.

මෙම නව රෙගුලාසියට මින් පසු පානීය නොවන ස්ප්‍රීතු කිසිම තැනැත්තෙකු විසින් ආනයනය කිරීම,අපනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාගෙන් බලපත්‍රයක් ලබාගත යුතුවේ.

මෙතෙක් එතනෝල් ආනයනය පමණක් මත්පැන් ලෙස සලකා බලපත්‍ර ගාස්තුවට යටත් කළ නමුදු රසායනික නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන පානීය නොවන මෙතනෝල් ස්ප්‍රීතු ආනයනයසුරා බලපත්‍ර ගාස්තු වලින් හා සුරාබදු වලින් නිදහස් කර තිබුණි.

මෙසේ බලපත්‍ර ගාස්තු වලින් තොර මෙතනෝල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අවස්ථාව වැරදි ලෙස භාවිත කරමින් නිත්‍යනුකූල නොවන අයුරින් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් ආනයනය කරන අවස්ථා පිළිබඳව වාර්තා වූ හෙයින් මෙසේ පානීය නොවන ස්ප්‍රීතු ආනයනයද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සුරාබදු පනතට යටත් කර, බලපත්‍ර ගාස්තුවක්ද සමඟ තොග ලීටර් 01 ක් සඳහා රු. 25 ක ආනයනික සුරා බද්දක් පනවා තිබේ.

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනයට එරෙහි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෑතකාලයේදී කරන ලද වැටලීම් හේතුවෙන් එම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය පාලනය කරගැනීමට හැකිවූ අතර, දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායමද සැලකිය යුතු අයුරින් මෑතකදී වැඩිවී ඇත.

නව රෙගුලාසි අනුව 2017 අගෝස්තු 01 දින සිට පානීය නොවන ස්ප්‍රීතු නිෂ්පාදනය, ගබඩා කිරීම හා තොග වශයෙන් අලෙවිය සඳහා රු. 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකටද, එම ස්ප්‍රීතු ආනයනය,ගබඩා කිරීම හා තොග වශයෙන් අලෙවි කිරීම සඳහා රු. 50,000 ක බලපත්‍ර ගාස්තුවකට යටත් කර තිබේ.

එම ස්ප්‍රීතු අපනයනය සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 10,000 ක් වන අතර, සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව රු. 5,000 ක් වේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පානීය නොවන ස්ප්‍රීතු සඳහා නව බද්දක්.
පානීය නොවන ස්ප්‍රීතු සඳහා නව බද්දක්.
http://ift.tt/2vNsK6z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy