දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…
Homeප්‍රවෘත්ති

“ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…

PropellerAds

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත “ශ්‍ර...

විමල් යුතුකම් ඉටුකළ හැටි ජවිපෙ කියයි
පොළොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණය හිඟුරක්ගොඩට - 2018දී වැඩ අවසන්
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළට?
මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිතුමාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.

අදාළ සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමූහ.

පිළිගැනීමේ අනුශාසනාව එම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියෝ සිදු කළහ.

රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවසූහ.

ජයග්‍රහණයක් ලැබූ විට එය බෙදාගැනීමට බොහෝ අය සිටිති. එහෙත් උත්සාහයක් වැරදි පරාජයක් ලැබූ විට එම වරද නායකයා වෙත ම පැවරෙනු ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලයේ රට ගොඩනැංවීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ.

මූලාසනයේ අනුශාසනාව සිදුකළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ මෙම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය ජනාධිපතිතුමාගේ ජීවිතයට මහා ශක්තියක් සහ බලයක් වනු ඇතැයි පැවසූහ.

මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ජනාධිපතිතුමා වෙත ලබාදීමට සැමවිටම ක්‍රියාකරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…
“ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNAOxs7_EC7VSSDGCE3YH5he-hV6nXKq2puc1iwySZaw3WIMuRi13SHz0BamhDEzQBXb44nNI8Th662jpJXp05mH32XG6DQJSALwNqiVWS8C7skuQqVNwumg6JV9AEnuNELBAFbq0A7M4vhdsP_WWYxIswTDzbjrDynI16rDYjLcsLuRBlzD3mWdB5dA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNAOxs7_EC7VSSDGCE3YH5he-hV6nXKq2puc1iwySZaw3WIMuRi13SHz0BamhDEzQBXb44nNI8Th662jpJXp05mH32XG6DQJSALwNqiVWS8C7skuQqVNwumg6JV9AEnuNELBAFbq0A7M4vhdsP_WWYxIswTDzbjrDynI16rDYjLcsLuRBlzD3mWdB5dA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy