දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි
Homeප්‍රවෘත්ති

නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි

PropellerAds

පසුගිය නඩු වාරයට සහභාගී නොවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සාවද්‍ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අව...

තාජුඩීන් ඝාතනය: මුද්‍රා තැබූ CCTV වාර්තාව කැනඩාවෙන් අධිකරණයට
අගමැති අද සිංගප්පූරුවට
බැන් කී මූන් අගමැති හමුවෙයි
පසුගිය නඩු වාරයට සහභාගී නොවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සාවද්‍ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

හිටපු අමාත්‍ය රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිගත් අධිකරණය, නඩුව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට දින නියම කළේ ය. ඒ අනුව ලබන පෙබරවාරි 18 වනදා මෙම නඩුව යළිත් සාමාන්‍ය පරිදි විභාග වනු ඇත.

වෛද්‍ය වාර්තා සාවද්‍ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක විත්තියේ නීතිඥවරයා වන ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් හාස්‍යයට ලක් කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් විසින්, නිසි විද්‍යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි.

පසුගිය කාලයේදී සමහරුන් සිංගප්පූරුව වැනි දුර රටවලට ගොස් රෝහල් වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි බව මතක් කළ ප්‍රේමරත්න මහතා චම්පික රණවක මහතා කිසිදු දිනක අධිකරණය මගහැර නැති බවද පෙන්වා දුන්නේය.

එසේම ඔහු රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්‍ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීමට උත්සාහ කිරීම නුසුදුසු බවද ප්‍රකාශ කළේය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ “මේ අනතුර සිදුවී ඇත්තේ 1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් වහනයක පිටුපස හැපීමෙන්. මෙය මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති මෝටර් සයිකලයක්. මේ නඩුව කොයි තරම් දේශපාලනීකරණය වෙලා තියෙනවද කියනවා නම් එහෙම නීති විරෝධී බයිසිකලයක් වෙනත් වාහනයක පිටිපස්සේ හප්පපු පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිව, සාක්ෂි එහා මෙහා කරලා චම්පික රණවක මහතාට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යනවා. ඉතින් එබඳු මට්ටමකට වැටිලා ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ දේශපාලන උවමනාව ඉතාම පැහැදිලියි”

එසේ හැසිරෙන නීතිපති දෙපාර්තමේන්තුව අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිසි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගී තත්ත්වයන් පවා පිළිනොගන්නා තත්වයට ඇද වැටී ඇති බව ප්‍රේමරත්න මහතා පෙන්වා දුන්නේය.

දේශපාලනික උවමනාව උදෙසා පාඨලී චම්පික රණවක මහතාව සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ බලවතුන් ගන්නා උත්සාහය නීතිය ඉදිරියේ පරාජය වීමට නියමිතව ඇති අතර, මාධ්‍ය සංදර්ශන, සිරගත කිරීම් වැනි ආණ්ඩුවේ අබල දුබල ක්‍රියාවන් ඉදිරියේ වත්මන් ආණ්ඩුවේ දුර්වලභාවය වසන් කර ගත නොහැකිය.

ආණ්ඩුව ගෙදර යැවීම සඳහා මහජන බලමුළු ගැන්වීම් ඉදිරියට එන මොහොතක ආණ්ඩු ගැති මාධ්‍ය සංදර්ශනවලට නොරැවටෙන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මාධ්‍ය ලේකම්
පා.ම. පාඨලී චම්පික රණවක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි
නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg8Szip82OVgbs12aiNlRIcLORv4iGjM08OQ_SBVH72eL8py7aibHi9ObL71BLNpTnHJKDZ2bOfYTmWHM5P9UVI8S2xGlJoNG94BDgJ9rs9aJCJKd4Mk0HtUSzETWyUcf2xU_oxty4v61ApFMaFnApYScG50r1p_mK9c8le4covi0T2Ii1-MZk_y1siLg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg8Szip82OVgbs12aiNlRIcLORv4iGjM08OQ_SBVH72eL8py7aibHi9ObL71BLNpTnHJKDZ2bOfYTmWHM5P9UVI8S2xGlJoNG94BDgJ9rs9aJCJKd4Mk0HtUSzETWyUcf2xU_oxty4v61ApFMaFnApYScG50r1p_mK9c8le4covi0T2Ii1-MZk_y1siLg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy