සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. ඒ බව ලසන්ත වික්...
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. ඒ බව ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාව ඉතුක් 21 වනදා පත්කර තිබුණි.
ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
එම කාලය තුළ මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට ඔහුට හැකි විය.
කෙසේවෙතත් මිල්කෝ ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඉකුත් 19 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ මහතා එදිනම ප්‍රකාශ කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.
ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කර තිබුණි.
පසුව ජනවාරි 20 වනදා මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත් කළ බව රජය නිවේදනය කළේය.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.
COMMENTS