මෙම වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව පළකර තිබෙන දින දර්ශනය සඳහා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ඡායාරූපය වැඩි වශයෙන් භාවිතා කිරීම පිළි...
මෙම වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව පළකර තිබෙන දින දර්ශනය සඳහා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ඡායාරූපය වැඩි වශයෙන් භාවිතා කිරීම පිළිබඳව සේනාධිනායක ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමේ සූදානමක් තිබෙන බව අනාවරණය වේ.
මෙයට අදාළ වියදම් පිළිබඳ විස්තර මේ වෙනවිටත් රැස් කෙරෙමින් තිබෙන අතර යුධ හමුදාපතිවරයාගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය සඳහා වැය කර තිබෙන මුදල් ඇතුළු සවිස්තර වාර්තාවක් සහිතව අදාළ පැමිණිල්ල සූදානම් කෙරෙමින් තිබේ. මේ දක්වා සිටි මාණ්ඩලික ප්‍රධානීන් හෝ හමුදාපතිවරුන් කිසිවෙකුත් මේ සා විශාල මුදලක් තම ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු කර නැති බව පැහැදිලි කරමින් තිබේ.
මේ වනවිටත් සේවා දිගු කීපයක් ලබා සිටින ශවේන්ද්‍ර සිල්වා විශාල මුදලක් වැය කරමින් සිටින අතර හමුදා පහළ නිලයන්ගේ සහ සෙබලුන්ගේ අව්‍යශතා සඳහා ලිපි ද්‍රව්‍ය පවා නොමැති තත්වයක් තිබෙන බව කරුණු සහිතව සේනාධිනායකයාට පෙන්වාදීමට සූදානම් බව හමුදා ආරංචි මාර්ගවලින් දැක්වේ.
උපුටා ගැනීම : lankatruth

COMMENTS