දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විගනණයක් තිබ්බොත් LPL එකෙන් ගහපු ගැහිල්ල තේරෙයි – අර්ජුණ රණතුංග
Homeප්‍රවෘත්ති

විගනණයක් තිබ්බොත් LPL එකෙන් ගහපු ගැහිල්ල තේරෙයි – අර්ජුණ රණතුංග

PropellerAds

ප්‍රධාන ක්‍රිකට් තරග නවත්වා දැනට පවත්වන  LPL තරගාවලියේ බොහෝ වැඩකටයුතු කරන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතමිතුරන් බවත්, මේ තරගාවලි  සම්...

තමන් හා එක්වන්නැයිගෝඨාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක් !
දේශපාලන තීන්දුවක් ගන්න හිතන්න වෙනවා - අර්ජුන
සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර
ප්‍රධාන ක්‍රිකට් තරග නවත්වා දැනට පවත්වන  LPL තරගාවලියේ බොහෝ වැඩකටයුතු කරන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතමිතුරන් බවත්, මේ තරගාවලි  සම්බන්ධව තමන් ඉල්ලා ඇති විධිමත් විගණනය සිදුකළහොත් LPL ගැහිල්ල හෙළිවනු ඇති බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මෙන්ම හටපු අමාත්‍ය අර්ජුණ රණතුංග  පැවසුවේය.

මොනරතරම් හොඳ ක්‍රීඩකයන් සිටියත් දූෂිත ක්‍රිකට් පරිපාලකයන් එන ඕනෑම දේශපාලනයක් අල්ලාගෙන තමන්ගෙ මැච් එක ගහන බවද අර්ජුණ කීවේය.

මහනුවරදී  දින ඊයේ (01)  ශ්‍රී දළදා සමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී  අර්ජුණ රණතුංග මෙසේ ද පැවසීය.

“ අද මේ වන විට මේ රටේ ප්‍රධාන ක්‍රීඩා තරඟ නවත්වා L P L තරඟවලිය පමණක් පවත්වන්න කටයුතු කරනවා. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාව මුදල මතම සිදුකෙරෙන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසයි. මේ තත්ත්වයට බලපාපු තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ L P L තරගාවලියේ වැඩ කරන්නේ ක්‍රීඩා ඇමතිවරුන්ගේ ඥාතීන්, හිත මිතුරන් හා සමීපතම පුද්ගලයින් මේ බව මට ඔප්පු කරන්න පුළුවන්. මම ක්‍රීඩා ඇමතිට කීවා මේ L P L සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන්න කියලා. එහෙම කරොත් මේ ගහලා තියෙන ගැහිලි ඔක්කොම එලියට එනවා. ඒත් මේ දක්වාම විගණනයක් කළේ නෑ.                                                                                   
ලෝකයේ ක්‍රිකට් නිලධාරීන් පත් කරන්න ඡන්ද 140 ට වැඩියෙන් තියෙන එකම රට ශ්‍රී ලංකාවයි. ක්‍රීඩා සමාජ 28 ක් තියෙනවා. මේ ක්‍රීඩා සමාජවල විශාල වශයෙන් වැරදි කරන පුද්ගලයෝ ඉන්නවා. නමුත් පරිපාලකයෝ ඒ අය ආරක්ෂා කරනවා. අද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැම දෙයක්ම මුදලට යටවෙලා. ඒක තමයි අපේ රටේ ක්‍රිකට් විනාශයට මුල. වෙන රටවල් වල මේ තත්වය දැන් නැතිවෙලා ක්‍රීඩාවට තමයි, දක්ෂයන්ට තමයි මුල්තැන ලැබෙන්නේ.                                                                
2015 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරු දෙදෙනෙක්, අගමැතිවරු තිදෙනෙක්, ක්‍රීඩා ඇමැතිවරු පස් හය දෙනෙක් වගේම කණ්ඩායම් නායකයෝ 08 දෙනෙක් විතර වෙනස් වුණා. කණ්ඩායම් වෙනස් වුණා. එහෙත් මේ දූෂිත පරිපාලකයෝ වෙනස් වුණේ නෑ. අපේ දූෂිතයෝ තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට අරක්ගෙන ඉන්නවා. ඒ අය එන එන ක්‍රීඩා ඇමති අල්ලගන්න දන්නව. මේ අයගෙන් ක්‍රීඩා  ඇමතිවරුන්ගේ හිත මිතුරන් ඥාතීන් යැපෙනවා. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් දක්ෂ පරිපාලකයෝ නෑ. ඒ නිසා තමයි මීළඟ 20 -20 ටත් අපිට සුදුසුකම් ලබා ගන්න මැච් ගහන්න වෙලා තියෙන්නේ. කිසිම ක්‍රීඩා ඇමතිවරයෙක් මේ දූෂිතයන්ට දඬුවම් කරන්නේ නෑ.                                                                              
මේ දූෂිත පරිපාලකයන් යටතේ කවදාවත් මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක සතුටට කරුණක්. තේරීම් කමිටුව හොඳින් වැඩ කරනවා. ඒත් දූෂිත පරිපාලකයෝ පරණ මැච් එකම හැමදාම ගහනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විගනණයක් තිබ්බොත් LPL එකෙන් ගහපු ගැහිල්ල තේරෙයි – අර්ජුණ රණතුංග
විගනණයක් තිබ්බොත් LPL එකෙන් ගහපු ගැහිල්ල තේරෙයි – අර්ජුණ රණතුංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsy8yq4b_Arh2cibuMo1vkuYufUKMs8TVHVllFLiHxDSK7byh5HuK7CZZ1URSDXmATLcayK8NzdbkQBHr0Axj6JhofNRPR2Eno6RS5LpMEJqNtNX-K0a9DNOVXuh-sj5jKxHK0JYEUVc2q/s320/arjuna-ranathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsy8yq4b_Arh2cibuMo1vkuYufUKMs8TVHVllFLiHxDSK7byh5HuK7CZZ1URSDXmATLcayK8NzdbkQBHr0Axj6JhofNRPR2Eno6RS5LpMEJqNtNX-K0a9DNOVXuh-sj5jKxHK0JYEUVc2q/s72-c/arjuna-ranathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/lpl.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/lpl.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy