“ශ්‍රී ලංගමට සුඛෝපභෝගි බස්රථ දෙදාහක් ගේන්න අපි සැලසුම් කළා. ඒකට දැන් අපි මාස එකහමාරක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ දඟලනවා. නමුත් මුදල් අමාත්‍යාංශ...
ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මම. මට මේ රටේ පොඩි මිනිහා වෙනුවෙන් සුඛෝපභෝගී බස්රථ ගේනන බැරිනම්, ලංගම දියුණු කරමින් සුඛෝපභෝගී බස්රථ ගේන්න බැරිනම්, මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් ඒ ව්‍යාපෘතියට බාධා කරනවා නම් අපි මොකටද දේශපාලනය කරන්නේ. මේ විදියට ගියොත් අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියන එක ගැන හිතන්න වෙනවා…”යි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගි බස් රථ ගෙන්වීමේ ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දොම්පේ ශ්‍රී ශෛල චෙත්‍යරාම විහාරස්ථානයේ ඊයේ පැවැති (14) මව්රට සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන එක්වීමෙන් පසුව මෙම අදහස් දැක්වීම සිදු කෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දැඩිව විවේචනය කළේ ඔවුන් සැප විදමින් මහජනතාව අපහසුතාවයට පත් කරන බවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙරට පොදු ප්‍රවාහනයේ මහජන සේවය සඳහා කැපවූ රජයේ ආයතනයයි. ලාභ ලැබීමට වඩා මහජනතාවට යහපත් සේවාවක් ලබා දීම එම මණ්ඩලයේ අරමුණ වෙයි. එම ප්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ඇණිය සවිබල ගැන්වීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ වන විට ව්‍යාපෘති රැසක් දියත් වෙමින් පවතී. එයින් ප්‍රධානතම ව්‍යාපෘතිය වන්නේ ශ්‍රී ලංගමට අති නවීන සුඛෝපභෝගී බස්රථ දෙදාහක් එක් කිරීම වෙයි. එය ප්‍රමාද වන්නේ කවුරු හරි කකුලෙන් ඇදීම නිසාදැයි අද මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ප්‍රශ්න කළේය. එයට ප්‍රතිචාර දක්මින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ලොකු ප්‍රශ්න එම ව්‍යාපෘතියට ඇතිව තිබෙන බවයි.
“දැන් අවුරුදු ගාණක් තිස්සේ හොඳ බස් මේ රටට ගෙනල්ලා නැහැ. මේ ජිවිත කාලය පුරාම මිනිස්සු ගියේ ලොරි චැසි ගැසූ බස්වල. මේ ලොරි චැසි බස්වලින් අපිට පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැහැ. ඒ නිසා අපි අතිනවීන සුඛෝපභෝගී බස්රථ නවයක් ගෙනාවා. එයට පුදුම ඉල්ලුමක් තියෙනවා. අද මිනිස්සුන්ට අවශය වෙනනේ පෞද්ගලික වාහනවල යන්න නෙවෙයි. හොඳ බස් සේවාවක් දුන්නොත්, හොඳ දුම්රිය සේවාවක් දුන්නොත් මිනිස්සු ඔක්කොම ඒවල යනවා. ඒ අනුව තමයි ආයෝජකයෙක් සමඟ එක් වී අපි සුඛෝපභෝගී බස්රථ දෙදාහක් ගේන්න හැදුවේ. නමුත් මුදුල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින් මේ ව්‍යාපෘතියට කැමැති නැහැ. නමුත් ඔවුන් පෞද්ගලික අංශයට සැප බස් ගේන්න පුදුම විදියට උනන්දු වෙනවා. දඟලනවා. ඒ උවමනාව ලංගට සැපබස් ගේනකොට නැහැ. ලංගම විනාශ කරනවා. මම කියන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සියලුම නිලධාරීන් මාස දෙකකට බස්වල කෝච්චිවල යවන්න ඕනේ. එතොකොටවත් පොදු ජනතාවගේ දුක දැනේවී…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඔහු අවධාරණය කළේ තවදුරටත් මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කකුගෙන් ඇද්දොත් තමන්ටද දේශපාලනික වශයෙන් යළිත් සිතීමට සිදු වන බවයි.
– තමීර මංජු

COMMENTS