වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී දේශපාලන මැදිහත්වීමත් කර ඇති බව ඔප්පු කරන්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති කෙහ...
වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී දේශපාලන මැදිහත්වීමත් කර ඇති බව ඔප්පු කරන්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා තුන්වන දිනටත් වැඩ වර්ජනයක් දියත් කර ඇත්තේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී දේශපාලන මැදිහත් වීම් සිදු කර ඇති බවයි.
එය ඇතුලු කරුණු හතක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර එම ඉල්ලීම්වලට නිසි විසදුම් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමය කියා සිටී.
මේ අතර එම සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පෙන්වා දෙන්නේ කිසිදු නීත්‍යානුකූල පදනමක් නැතිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙවැනි වැඩ වර්ජනයක් සිදු කිරීමට හැකියාවක් නැති බවයි.
පත්වීම් අත්සන් තැබීමට හෝ මාරු මණ්ඩලවලට අත්සන් තැබීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට කිසිදු නීත්‍යානූකූල බලයක් නොමැති බවත් ඔහු පැවසීය.
COMMENTS