රජයේ විදේශ සංචිත සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී විවාදාත්මක තත්ත්වයක් මතු විය. ඒ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන...
රජයේ විදේශ සංචිත සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී විවාදාත්මක තත්ත්වයක් මතු විය.
ඒ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආණ්ඩුවේ විදේශ සංචිත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හෙළිකරණ බවට මුදල් අමාත්‍යවරයා මීට දෙසතියකට පෙර පොරොන්දු වූ නමුත් මෙතෙක් එය හෙළිකර නොමැති බවට චෝදනා කිරීම නිසාය.
ඔහු කියා සිටියේ අදාළ කරුණු ඉන්දියාවටත්, තවත් තොරතුරු අන්තර් ජාතික මූල්‍ය ආයතනයටත් (IMF) ලබාදී ඇති බවයි.
මෙය වරප්‍රසාද කඩ කිරීමක් බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අය වැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොමැතිවීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රශ්නකර සිටියේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුදල් ඇමතිවරයෙකු නොමැති අයවැය විවාදයක් දුටුවේ තමා පළමු වතාවට බවයි.
මේ අතර, විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට වහාම විනය කමිටුව නම්කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මේ අතර, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ මේවන විට විපක්ෂය වර්ජනය කර ඇති සජිත් ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ආ බව දැනගත් විගස අද පස්වරුවේම කථානායක හමුවී පාර්ලිමේන්තුවට එනු ඇති බවයි.
එම සංවාදය වැඩිදුරටත්..(වීඩියෝ දර්ශන - නිවුස් ෆස්ට්)
COMMENTS