දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට ගුරුවරියක් තව ගුරුවරියකට තර්ජනය කරලා

ටියුෂන් පන්තියට ළමයි නොඑන තරහට පාසල් ගුරුවරියක් එම පාසලේම තවත් ගුරුවරියකගේ ඇඳුම් ගලවා අත් දෙක කපන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් පුත්තලම අධ්‍ය...

ටියුෂන් පන්තියට ළමයි නොඑන තරහට පාසල් ගුරුවරියක් එම පාසලේම තවත් ගුරුවරියකගේ ඇඳුම් ගලවා අත් දෙක කපන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මඟින් පාලනය වන ප්‍රාථමික පාසලකින් වාර්තා වේ.

එම පාසලේ උගන්වන ගුරුවරියක් විසින් එම පාසලේම උගන්වන ළාබාල ගුරුවරියකට සිදු කළ මේ තර්ජනය නිසා පාසලේ සියලුම බාහිර ක්‍රියාකාරම් හා අධ්‍යාපනය ද
බිඳ වැටී ඇති බව මවුපියෝ චෝදනා නඟති. අදාළ ළාබාල ගුරුවරිය පාසලේ ඉංග්‍රීසි
විෂය උගන්වන අතර ඇයට තර්ජනය කළ ගුරුවරිය පාසලේ හතර ඒ ශේ‍ර්ණිය භාරව කටයුතු කරමින් සිටියි. ඇය ප්‍රදේශයේම මහ විද්‍යාලයක වසර 20ක සේවා කාලයකින් පසු 2012 වසරේදී මෙම ප්‍රාථමික පාසලට මාරුවක් ලබා ගෙන පැමිණ තිබේ. ඉකුත් දිනකදී මෙම ඉංගී්‍රසි ගුරුවරිය විසින් හතර ඒ ශේ‍ර්ණිය හා බී ශේ්‍රණියේ දරුවන් පන්ති කාමරයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සූදානම් වී පන්ති වාර්තා පොතද රැගෙන පිටව යෑමට සූදානම් වී ඇත. ඒ අවස්ථාවේදී පන්ති කාමරයට පැමිණි පන්ති භාර ගුරුවරිය පවසා ඇත්තේ පන්ති වාර්තා පොත පන්තියෙන් පිටතට රැගෙන නොයන ලෙසත් එසේ රැගෙන යෑමෙන් එය අපිරිසුදු වන බවත් අවශ්‍ය නම් කාලපරිච්ඡේදය අවසන් වී යළි පැමිණ අස්සන් තබන ලෙසත්ය. ඒ අනුව ඇගේ අණට කීකරු වූ ළාබාල ඉංග්‍රීසි ගුරුවරිය අදාළ පාඩම උගන්වා අවසානයේ ළමයකු යවා පන්ති වාර්තා පොත ගෙන්වාගෙන එය අස්සන් කර තිබේ.
ඊට පසු දින පාසලට පැමිණි පන්ති භාර ගුරුවරිය ඉංග්‍රීසි ගුරුවරිය පොතේ අස්සන් කළේ කෙසේදැයි නොදැන ඇය තම කබඩ් එක හොර යතුරකින් ඇර පන්ති වාර්තා පොත අස්සන් කර ඇති බවත්, කබඩ් එකෙහි තිබූ තවත් පොත්පත් සොරාගෙන ඇති බවත් චෝදනා කරමින් ඇගේ ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට තර්ජනය කර තිබේ. අදාළ ඉංග්‍රීසි ගුරුවරිය විසින් මේ පිළිබඳ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
මෙසේ තර්ජනය කළ ගුරුවරිය ශිෂ්‍යත්ව ළමයි සඳහා ටියුෂන් පන්ති පවත්වන අතර ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ සවස පන්ති පවත්වන නිසා සිදුවන බාධාව හේතුවෙන් එම ඉංග්‍රීසි ගුරුවරියගෙන් මෙසේ පළි ගන්නා බවට මවුපියෝ කියා සිටියහ. සිදුවීම වූ දිනට පසු දින සවසද මෙම ටියුෂන් පන්ති පවත්වන ගුරුවරිය හා එම පාසලේම ගුරුවරයෙක් පාසලට පැමිණ ළමයින් රැගෙන යෑමට එන මවුපියන්ට පවසා ඇත්තේ ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ පැවැත්වීම නිසා ටියුෂන් පන්ති පැවැත්වීමට නොහැකි බවත් පසු දිනයේ සියලුම දෙනා පාසලට පැමිණ ඒ වෙනුවෙන් විරෝධයක් ප්‍රකාශ කරන ලෙසත්ය.
ඒ අනුව තම දරුවන්ගේ ටියුෂන් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් කිපුණු මවුපියන් කොටසක් පසුදා උදෑසන (23දා) පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී විදුහල්පතිතුමාටද තර්ජනය කර පරුෂ වචනයෙන් බැන පාසලේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා වන අයුරින් කලහ කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම පාසලේ විදුහල්පතිවරයා නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපතිතුමාට දන්වා පැමිණිල්ලක් දමා ඇති අතර ස්ථානාධිපතිවරයා පැමිණ මවුපියන් පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 25 වැනිදා නවගත්තේගම පොලිස් ස්ථානයේදී විදුහල්පතිවරයා හා මවුපියන් කැඳවා කරුණු විමසීමක් සිදු කළ ස්ථානාධිපතිවරයා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳ අප කළ විමසීමකදී පුත්තලම කලාප අධ්‍යක්ෂ ඩබ්ලිව්. පී. එස්.කේ. විජේසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.
මේ ගැන සොයා බැලීම අපි මේ වෙද්දීත් ආරම්භ කරලා තියෙනවා. අපි අද දිනයේ (29දා) පාසලට යෑමට සූදානම් වෙලා ඉන්නවා. ඒ අනුව අදාළ ගුරුවරියන් දෙදෙනා අතර ඇති වුණු මතභේදය ගැන සොයා බලා ඔවුන් සඳහා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.
වයඹ පළාත් අධ්‍යාපන ඇමැති සන්ධ්‍යා රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
මේ සම්බන්ධව මටත් ආරංචි වුණා. මේ වෙද්දි මම මේ ගැන පරීක්ෂණයක් කරන්න කණ්ඩායමක් යොමු කරලා ඉන්නෙ. මමත් මේ පාසලට ගිහින් සොයා බැලීමක් සිදු කරනවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට ගුරුවරියක් තව ගුරුවරියකට තර්ජනය කරලා
ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට ගුරුවරියක් තව ගුරුවරියකට තර්ජනය කරලා
http://ift.tt/2tnbQep
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_668.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_668.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy