ගෑස් පිපිරීම බුද්ධි මෙහෙයුමක් විය හැකි බවට මෙරට ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් වන 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සැක ...
ගෑස් පිපිරීම බුද්ධි මෙහෙයුමක් විය හැකි බවට මෙරට ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් වන 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සැක පලකර තිබේ.
''දැන් අපි දන්නවා ගෑස් ටැංකි පුපුරණ එක ගත්තත් එතන බුද්ධි මෙහෙයුමකුත් තියෙනවා. ඒ කියන්නේ ගෑස් ටැංකි පුපුරණකොට මධ්‍යම පංතිය අවුල් වෙලා යනවා කඩ කාරයෝ අවුල් වෙලා යනවා, එතකොට ගෑස් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ගෑස් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ ඩොලර් ඉතුරු වෙනවා. මේ වගේ තත්වයන් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුව මිනිසුන් යමින් ඉන්නවා ගෑස් ටැංකි ආරක්ෂා කිරීමේ විකල්පවලට. ඇත්තටම මේකෙන් අපිට පේනවා, තව කට්ටියකට හම්බකරන්න පුළුවන් වෙලා තියෙනවා මේකෙන්. '' යයි 'සමබිම' නායකයා පැවසුයේ, Voice Tube නාලිකාව සමග පැවති කතාබහකදීය.
වත්මන් දේශපාලන සමාජ වටපිටාව විග්‍රහ කරමින් ඔහු මෙසේද කියා සිටියි.
''ලංකාවේ මේ පහුගිය අවුරුදු දෙකක තුළ සමාජ දේහය තුළ කෙනෙකුට කල්පනාවෙන් බැලුවම නුහුගුණ තත්වයක් ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම මේ කෝවිඩ් වසංගතය ගෝලීය මට්ටමෙන් පැතිරිලා ගියහම මිනිස්සු අධික පරිභෝජනයට පුරුදු වෙලා තිබුණා. මේ පරිභෝජන රටාව කඩා වැටුනා. මිනිස්සුන්ගේ උපරිම සතුටකින් තමයි මේ කොවිඩ් එන්න ඉස්සෙල්ලා හිටියේ..
එතකොට මේ කොවිඩ් එකට විසඳුම හැටියට අපි දැක්ක මාධ්‍යවලින් ධම්මික පැණියක් කියලා එකක් ආවා. විසඳුමක් හැටියට එහෙම ඇවිල්ලා මේ නුහුගුණ තත්වය වර්ධනය වෙලා වර්ධනය වෙලා දැන් වෙනකොට අලුත්ම තත්වය තමයි ගෑස් ටැංකි පුපුරන්න අරන් තියෙනවා.
එතකොට මේ සමාජයේ හැමදෙයක්ම අවුල් වේගෙන යෑම ඒ කියන්නේ ඩොලර් නැතිවීම, මිනිස්සුන්ට ආහාර ගැනීවේදී විශාල උද්ධමනයකට ලක්වීම, ආහාර හිඟය, එතකොට වයලන්ස් වැඩි වීම ගෘහ හිංසනය වැඩි වීම, ගැහැණු පිරිමි අතර අලුත් ගැටළු මතුවීම.
මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙනකොට මිනිස්සු දැනගතයුතු දේ තමයි මේ ක්‍රමය තවදුරටත් ජාතික මට්ටමේ තියෙන එකක් නෙවෙයි. නැෂනල් ලෙවල් එකේ සිස්ටම් එකක් නෙවෙයි.
අපි දන්නවා කෝවිඩ් වසංගතය අපිට ආවේ චීනය කේන්ද්‍රීයව. එතකොට දැනගත යුතු දේ තමයි අසනීප පවා අපිට එන්නේ ගෝලීය යථාර්ථයකින්. ජාතික රාජ්‍යයකට මේක තවදුරටත් කළමණා කරන්න බැහැ. ඒ වෙනුවට අපිව පාලනය කරන්න ඉන්නේ එග්සෙකටිව්ලා, සමාගම්වල සභාපතිවරු කියන කට්ටියක් අපි චන්දය දීල ඇරියත් එතනින් එහා පාලනයක් කරගන්න බැහැ.
දැන් උදාහරණයක් හැටියට මේ වෙලාවේ ඩොලර් සංචිත නැතිවෙලා තියෙනවා. අපගේ ඒ ඩොලර් සංචිත ඇති කරගැනීමට, චීනය අපේ යාළුවා අපේ බාප්පා මාමා කියලා කිව්වා. ඒත් මොකක්වත් වෙන්නේ නැහැ. ඇමෙරිකාව කිසිකෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ හරියට පොළී මුදලාලිලා වගේ තමයි වැඩ කරන්නේ.
ඉතින් මේ තත්වය මිනිස්සුන්ට තේරුම් කරගන්න බැරුව තව දුරටත් අපි වෙන වෙන මිත්‍ය විශ්වාස වලට ගියොත් එහෙම නැත්නම් අපි අනුරාධපුරේ ඥාණා අක්කගේ පස්සෙන් නම් යන්නේ මේකට විසඳුම තියෙන්නේ එතන කියලා හිතාගෙන මම නම් කියන්නේ කිසිදු ආකාරයකට මේකට ඥානක්කාගේ විසඳුම් නම් හරියන්නේ නැහැ.
එතකොට මේ වසංගත තත්වය සහ අවිනිෂ්චිත භාවය එක්ක අපේ අනාගතයේ ඉදිරියට මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. ලබන අවුරුද්දේ අපි බිමටම වැටෙයිද කියලා කිසිම දේක අපිට අවබෝධයක් නැහැ. අපි ඉන්නේ වික්ෂිප්ත තත්වයක.
මම යෝජනා කරන්නේ. කරුණාකරලා අපි ඔක්කොමලා අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් සමාජය හදන්න වෙනවා. අලුතෙන් මේ පවතින ක්‍රමය ගැන හිතන්න වෙනවා. මම ආරාධනා කරනවා ලබන අවුරුද්දේ ඉඳලා රැඩිකල් චින්තනයකට ඔබේ සිත යොමු කරවන්න අවධි කරවන්න. ඔබේ කවුළුව අරින්න.''
-srilankamirror
COMMENTS