දෙමළ ජනතාවගේ ගැටලූ විසදීමට පැවති රජය නිසි පියවර නොගත් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේය . ඒ, ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටිප්ලිට්ස...
දෙමළ ජනතාවගේ ගැටලූ විසදීමට පැවති රජය නිසි පියවර නොගත් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේය.
ඒ, ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටිප්ලිට්ස් කොළඹදී ඊයේ හමුවූ අවස්ථාවේදීයි.
මෙහිදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිවරිය සමඟ සාකච්ඡා කර තිබේ.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් පැවති රජය මන්දගාමීව කටයුතු කළ බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඒ පිළිබඳව දෙමළ ජනතාව දැඩි කළකිරීමකින් සිටින බව ද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර තිබේ.
COMMENTS