දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂලා විකිණීමට උත්සාහ කරන තෙල් ටැංකි ආරක්ෂා කරගන්න පෙරට එන්න… වෛද්‍ය නලින්ද ජයතිස්ස
Homeප්‍රවෘත්ති

රාජපක්ෂලා විකිණීමට උත්සාහ කරන තෙල් ටැංකි ආරක්ෂා කරගන්න පෙරට එන්න… වෛද්‍ය නලින්ද ජයතිස්ස

PropellerAds

බදු ගිවිසුමකින් තොරව අනීතිකව ඉන්දියන් ඔයිල් සමාගම භාවිතා කරන ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගෙඩිය පිටින් ඉන්දියාවට විකුණීමට රාජපක්ෂවරුන් ...

යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!
නාමල් අවාසනාවන්තයෙක්... අර සිහිනය සුන් - ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්!
"සතුටු වෙන්න හොඳට කන්න එන්න යාළුවේ" - මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ!
බදු ගිවිසුමකින් තොරව අනීතිකව ඉන්දියන් ඔයිල් සමාගම භාවිතා කරන ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගෙඩිය පිටින් ඉන්දියාවට විකුණීමට රාජපක්ෂවරුන් දරන උත්සාහය පරාජය කිරීමට පෙරට එන ලෙස ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනතාවගෙන් ඉල්ලා සිටී.

තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට අදාළ සමාගමක් ආරම්භ කිරීමට විෂයභාර ඇමතිවරයා වන උදය ගම්මන්පිල සූදානම් වීම පිළිබඳව කරුණු අනාවරණය කරමින් අද (31) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මෙලෙස අදහස් පළකරනු ලැබීය.

එම මාධ්‍ය හමුවේදී පළකල සම්පූර්ණ අදහස් පහතින්…

ගෝටාභාය රාජපක්ෂ බලයට පත්වෙන්නේ රටේ ජාතික සම්පත් විකුණපු දේපළත් යළි පවරා ගන්නවා කියලා. මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ නිශ්චිතවම මේක කිව්වා. එක කාලයක් ඔවුන් පොළව ඉඹලා පෙන්නුවා. කමිසයේ උඩ සාක්කුවේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් හිටියා. කතාවක් අවසානයේ මව්බිමට ආදරෙයි කියලා තුන්හතර සැරයක් කියන්න පටන් ගත්තා. මේ නිසා ජනතාව හිතුවා විකුණන්නේ නෑ විතරක් නෙවෙයි විකුණපු දේවල් ආපසු පවරා ගනියි කියලා. ගෝටාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ එජාපය විකුණපු හම්බන්තොට වරාය, 2015ට කලින් විකුණපු කොළඹ වරායේ දකුණු ජැටිය ඇතුළු විකුණපු පර්යන්ත යළි රජයට පවරා ගනී කියලා ජනතාව බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි හරියට බදු ගිවිසුමක්වත් ගහලා නැතුව ඉන්දියාව භාවිතා කරන ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටිකත් රජය සතු කර ගනී කියලා බලාගෙන හිටියා. නමුත් මාස 25ක් ගත වෙනකොට හම්බන්තොට වරාය ගත්ත සමාගමට තවත් දේවල් දීලා තියෙනවා. ඉන්දියාවේ බටහිර ජැටිය අදානි සමාගමට ලබාදීල ඉවරයි. කොළඹ වරාය වටේ තියෙන වැදගත්, ඓතිහාසික ඉඩම් කිහිපයක් සෙලෙන්දිවා මගින් විකුණන්න දාලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් තවත් ඉඩම් ගණනාවක් විකුණන්න බලාගෙන ඉන්නවා. ඌව වෙල්ලස්ස ඉඩම් විකුණන්න අත තියලා.

මේ අතර තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකිණීම කරළියට එන්නේ. තෙල් ටැංකි 101ක් බි්‍රතාන්‍ය ආණ්ඩුව ඉදිකරලා තිබුණා. ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ මේ තෙල් ටැංකි ඉදිකළේ යුද සහ වෙළඳ නැව්වලට තෙල් සපයන්නයි. දෙවන ලෝක යුද සමයේදී බෝම්බ හෙළීම නිසා තෙල් ටැංකි 02ක් විනාශ වුණා. 1948 අපේ රටට නිදහස ලබාදෙන අවස්ථාවේ මේ තෙල් ටැංකි බි්‍රතාන්‍යය සතු කර ගන්න උත්සාහ කළා. ලෝක දේශපාලන බල පෙරළියත් සමඟ 1964දී ලංකා ආණ්ඩුව විවිධ උත්සහයන් කරලා බි්‍රතාන්‍ය ස්ටර්ලිං පවුම් ලක්ෂ දෙකහමාරක් බි්‍රතාන්‍ය නාවික හමුදාවට ගෙවලා මේ තෙල් ටැංකි 99 රට සතු කර ගත්තා. නමුත් මේ තෙල් ටැංකි සංර්ධනය කරන්න පැවැති ආණ්ඩුවලට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. 1987 කාලයේ මෙම තෙල් ටැංකි ඇමරිකාවට ලබාදීමට ජේ ආර් ජයවර්ධන උත්සහ කළත් ඉන්දියානු බලපෑම් නිසා එය සිදු කර ගන්න නොහැකි වුණෙත් ඉන්දු ලංකා ගිවිසුම එන්නේත් මෙම තෙල් ටැංකිවලට තිබුණ බලපෑම් පදනම් කරගෙනයි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළත් තෙල් ටැංකි සම්බන්ධයෙන් විශේෂ දෙයක් සිදු වුණේ නැහැ.
බලයට පත් වුණු එජාප ආණ්ඩුවේ මිලින්ද මොරගොඩ ඇමතිවරයා 2002 මැයි 21 තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමකට බදු දෙන්න කැබිනට් පත්‍රිකාවක් ගේනවා. අද මේ ආණ්ඩුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස පත් කර සිටින්නේ ඒ මිලින්ද මොරගොඩ හිටපු ඇමතිවරයායි. ඒ කැබිනට් පත්‍රිකාවේ ප්‍රතිඵලයක් ලෙස 2002 ජුනි 11 වැනිදා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබනවා. ඉන්පසුව 2003 පෙබරවාරි 07 වෙනිදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අයිඕසී සමාගමේ කළමනාකරණ අධ්‍යාක්ෂවරයා ඇතුළු පිරිස විසින් ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම අනුව මාස 06කින් බදු ගිවිසුමකට යා යුතු බව කියනවා. නමුත් දැන් වසර 18ක් ගත වෙලත් බදු ගිවිසුමක් අත්සන් කර නැහැ. නමුත් ඉන්දියානු සමාගම තෙල් ටැංකි 14ක් භාවිතා කරමින් ඉන්නවා. කෙසේ වෙතත් මෙම තෙල් ටැංකි 99 සඳහා ඩොලර් ලක්ෂය බැගින් අවුරුද්දකට ලංකා රජයට ලබාදෙනවා. එය අනීතික වැඩක්. මොකද බදු ගිවිසුමක් නැහැ.

මේ ඉන්දියානු ඔයිල් සමාගමට 2004දී අවුරුදු 20කට තෙල් ආනයනය, ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා බලපත්‍රයක් ලබාදුන්නා. තව වසර දෙකකින් එම බලපත්‍රය අහෝසි වෙනවා. එම නිසා බලපත්‍රය අලුත් කළේ නැත්නම් ඉන්දියානු සමාගමට තෙල් ටැංකි පවත්වාගෙන යෑමෙන් පලක් නැති වෙනවා. එම නිසා මෙම තෙල් ටැංකි සංකීර්ණය ලංකාවේ රජය සතු කරගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. එවැනි අවස්ථාවක් උදාවෙලා තියෙද්දී විකුණපු දේවලුත් පවරා ගන්නවා කියපු ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල අලුත් සෙල්ලමක් පටන් අරගෙන තිබෙනවා. කොහොමත් බදු ගිවිසුමක් නොමැතිව ඉන්දියානු සමාගම තෙල් ටැංකි භාවිතා කරන නිසා ලංකාවට නීත්‍යානුකූල අයිතියක් තිබෙනවා මේවා පවරා ගන්න. ඒ වෙනුවට 2021 දෙසැම්බර් 20 වෙනිදා ගම්මන්පිල ඇමතිවරයා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතියවරයාට ලිපියක් යොමු කරනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පදනම් කරගෙන ටි්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියන ආයතනය පිහිටුවන්න කියලා. මේ ලිපියෙන් උදය ගම්මන්පිල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමට අයිතියක් තිබෙන බවට හිතා මතා වගන්තියක් ඇතුල් කරනවා. එය බරපතළ ගැටලුවක්. විකෘතියක්. ඇමතිවරයා පිළිගන්නවා, නීත්‍යානුකූල අයිතියක් ඉන්දියානු සමාගමට තිබෙනවා කියලා. නමුත් එහෙම නීත්‍යානුකූල අයිතියක් ඉන්දියානු සමාගමට නැහැ.

දැන් ඇමතිවරයා අලුත් සමාගමක් හදන්න උත්සහ කරනවා. එම සමාගමේ කොටස්වලින් 49%ක් ඉන්දියානු ඔයිල් සමාගමට ලබාදීමට සැලසුමක් තිබෙනවා. එම සමාගමට තෙල් ටැංකි 99 පවරා ගන්නවා. එයින් සිදු වෙන්නේ තෙල් ටැංකි භාවිතා කරන්න ඉන්දියානු සමාගමට අයිතියක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අනීතික තත්වයට නීත්‍යානුකූලභාවයක් ලබාදීමයි. ඒ වගේම අද ප්‍රවෘත්ති වර්තා කරලා තිබුණා උදය ගම්මන්පිල කියනවා කියලා තෙල් ටැංකි තවත් වසර 50කට ඉන්දියානු ඔයිල් සමාගමට ලබාදෙනවා කියලා. ආණ්ඩුව මේ රට පත්කරමින් තිබෙන්නේ මේ වගේ තැනකට. විකුණන්නේ නැහැ කිව්වට රට සංවර්ධනයට යොදා ගත හැකි සම්පත් සියල්ල ආණ්ඩුව පිටරට සමාගම්වලට විකුණමින් ඉන්නවා.

කොළඹ වරාය කියන්නේ ඩොලර් උල්පතක්. එහෙම තියෙද්දී කොළඹ වරායේ ජැටි මගින් ආදායම් ලබාගත හැකිව තිබෙන මෙහෙයුම් කටයුතු පිටරට සමාගම්වලට ලබාදීලා ඩොලර් අහිමි කර ගන්නවා. තෙල් ටැංකි සංකීර්ණයට කරන්න යන්නෙත් ඒ දේමයි. තෙල් ටැංකි සංවර්ධනය කරලා අපේ රටට ඩොලර් උපයගන්න පුළුවන්. ඛනිජ තෙල් සංස්ථා සේවකයින් වෘත්තීය සමිති පෙන්වා දෙනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි භාවිතා කරලා ඒ අවට පළාත්වලට ඉන්ධන ලබාදීමෙන් තෙල් සංස්ථාවට වසරකට රු. මිලියන 900ත් 1000ත් අතර ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි කියලා. එයින් තෙල් සංස්ථාවේ පාඩුව අවම කර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්.

මේ වෙනකොට රටේ ගබඩා පහසුකම් නොමැති නිසා ඩීසල් ගබඩා කර ගත හැක්කේ දින 19කට පමණයි. පෙට්‍රල් ගබඩා කරගත හැක්කේ සති දෙකකට පමණයි. භූමිතෙල් ගබඩා කරගත හැකි වන්නේ දින 10කට පමණයි. සුපර් ඩීසල් ගබඩාකරගත හැකි වන්නේ දින 18කට පමණයි. ඒ නිසා අපිට විධිමත් ගබඩා පහසුකමක් අවශ්‍යයි. ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පෙන්වා දෙන්නේ මාසයක තෙල් ගබඩා කර ගන්න තෙල් ටැංකි 20ක් අවශ්‍යයි කියලා. මාස 02ක් සඳහා ගබඩා කර ගැනීමට තෙල් ටැංකි 53ක් අවශ්‍යයි. තෙල් ටැංකි 86ක් මගින් මාස 03කට අවශ්‍ය තෙල් ගබඩා කර ගත හැකියි. එවිට ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත යනකොට ගබඩා කර ගන්න පුළුවන්. ඒ වෙනුවට දැන් තෙල් ටැංකි සංකීර්ණයම විකුණන තැනට ඇවිත් තිබෙනවා. එදා මිලින්ද මොරගොඩ වෙනුවට අද යොදා ගෙන තිබෙන්නේ උදය ගම්මන්පිලයි. රනිල් වික්‍රමසිංහ වෙනුවට ගෝටාභය සහ මහින්ද රාජපක්ෂ යොදා ගෙන තිබෙනවා. රනිල්ට හරියට කර ගන්න බැරි වුන දේ රාජපක්ෂවරු මගින් කර ගන්න යනවා.

අපි මේ රටේ ජනතාවට කියනවා මේ දෙගොල්ලම කරන්නේ රටේ ජාතික සම්පත් විකුණලා ලැබෙන කොමිස් මුදල්වලින් තමන්ගේ සාක්කු පුරව ගන්න එක බව. මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. ආණ්ඩුවට ජනතා අප්‍රසාදයට පත්වෙලා ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3කත් කැබිනට් මණ්ඩලයේ බලයත් පාවිච්චි කරලා ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට වේගයෙන් අවතීර්ණය වෙලා තිබෙනවා. සමහර දේවල් ඇමතිවරු දන්නෙත් නැහැ. අනාගතයේ ගොඩනගන ආණ්ඩුවකට රට සංවර්ධනය කරන්න මේ තෙල් ටැංකි, වරාය ජැටි, ඉඩම් ඇතුළු සම්පත් අත්‍යාවශ්‍යයි. ඒ නිසා මේ තෙල් ටැංකි විකිණීමට එරෙහිව වෘත්තීය සමිති කරන සටනට මබ්බිමට ආදරය කරන සියලු ජනතාව එකාවන්ව එකතු වෙන්න අවශ්‍යයි. අනාගතය වෙනුවෙන් රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට කරන සටන වෙනුවෙන් අපි පක්ෂයක් ලෙස සම්පූර්ණ සහය ලබාදෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂලා විකිණීමට උත්සාහ කරන තෙල් ටැංකි ආරක්ෂා කරගන්න පෙරට එන්න… වෛද්‍ය නලින්ද ජයතිස්ස
රාජපක්ෂලා විකිණීමට උත්සාහ කරන තෙල් ටැංකි ආරක්ෂා කරගන්න පෙරට එන්න… වෛද්‍ය නලින්ද ජයතිස්ස
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhIEakDEIZzgxybW9bpUKU8HCyE5GF5TdJqyKq726RsSayNrROa8ZcwdgV2KmFwKJYrGbyjadwrmSbrfO6pePcnMMltUyrRL4pFCOFe6uymMEF7pZFmm8xJ9UVvvXTy6bILIf4mvjUHrUQ6gooT3iQCBULKu7Z-Y88TE25AKUaOV8aYdM5Uta_CEXQ9eg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhIEakDEIZzgxybW9bpUKU8HCyE5GF5TdJqyKq726RsSayNrROa8ZcwdgV2KmFwKJYrGbyjadwrmSbrfO6pePcnMMltUyrRL4pFCOFe6uymMEF7pZFmm8xJ9UVvvXTy6bILIf4mvjUHrUQ6gooT3iQCBULKu7Z-Y88TE25AKUaOV8aYdM5Uta_CEXQ9eg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_186.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_186.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy