දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන පොහොර නැව සිංගප්පූරුවට, ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලයි
Homeප්‍රවෘත්ති

චීන පොහොර නැව සිංගප්පූරුවට, ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලයි

PropellerAds

චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමට අයත් චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව, මේ වනවිට සිංගප්පූරුවේ ‌බේරුම්කරණය ඉදිරියට ගොස් ඇති බවත්, තම...

මරික්කාර්ගේ ප්‍රශ්නයෙන් විමල් මහින්ද එක්ක තරහා වෙලා !
බදියුදීන් බිරිය, මාමණ්ඩිය, මස්සිනා සහ තැරැව්කරු තවත් පැය 48ක් තබා ගැනීමට අධිකරණයෙන් රැඳවුම් නියෝගයක් !
ආණ්ඩුව අපි කියන දේ අහන්නෙ නෑ... අපිව ඕනෙ ඡන්දෙන් දිනන්න විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි
චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමට අයත් චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව, මේ වනවිට සිංගප්පූරුවේ ‌බේරුම්කරණය ඉදිරියට ගොස් ඇති බවත්, තමන්ට සිදුවූ මූල්‍යමය හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
 
සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් හරහා චීන පොහොර සමාගම මේ වන්දිය ඉල්ලා ඇත්තේ සිමාසහිත කොළඹ කමර්ෂල් පොහොර සමාගමෙනි.
 
සමාගම යෝජනා කර ඇත්තේ අදාල බේරුම්කරණය සදහා ත්‍රිපුද්ගල මණ්ඩලයක් පත් කරන ලෙසයි.
චීනය තමන් හා කළම්බෝ කමර්ෂල් පොහොර සමාගම වෙනුවෙන් දෙදෙනෙකු ඊට ඇතුලත් කරන්නැයි චීන සමාගමේ යෝජනාවයි.

කාබනික පොහොර මිලදී ගැනීමට අදාල ගිවිසුම ශ්‍රී ලංකාව විසින් උලලංඝණය කර ඇති බව චීන සමාගමේ තර්කයයි.

එම සමාගම විසින් ඉල්ලා සිටින වන්දියට අදාළ පොහොර තොගයේ වටිනාකම හා නැව් ගාස්තුව ඇතුළත් ය.

බේරුම්කරණ ක්‍රියාවලිය සඳහ වැය වන සියලු ගාස්තු ද ශ්‍රී ලංකාවෙන් අය කර ගැනීමට ද සිදු වන බව චීන සමාගම පවසයි.

අදාළ ඩොලර් මිලියන 8 ක වන්දියට පොළියක් ද ඇතුළත් වේ.

මේ අතර චින්දාවෝ සීවින්ග් සමාගම බේරුම්කරණය සඳහා වන නිතීමය ක්‍රියාමාර්ගය ගෑනීම සිංග්ගප්පූරුව වෙත යාම එක් ගිවිසුමක සිදුවූ වරදක් නිසා සිදුවූ වූවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ගිවිසුම් අත්සන් කිරීමට පෙර තමන් අමාත්‍යංශ ලේකම්වරයා වෙත බේරුම්කරණය සඳහා ලංකාවේ කටයුතු කළ යුතු බවට ගිවිසුමේ ඇතුළත්විය යුතු බවට උපදෙස් දුන්න ද එය සිදුව නොමැති බවයි.

චීන පොහොර සඳහා ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම සමග චින්දාවෝ සිවින්ග් සහාගම ගිවිසුම් දෙකක් අත්සන් තබා ඇති අතර බේරුම්කරණය සඳහා සිංගප්පුරුව යොදා ගත යුතු බවට සඳහන්ව ඇත්තේ කොමර්ෂල් පොහොර සමාගම සමග අත්සන් කළ ගිවිසුමේයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ සිංගප්පුරුවට යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත් බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව අද විශේෂ සාකචඡාවක් කැඳවා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

කෘෂිකර්ම අමාත්‍යාංශය නීතිපතිවරයා සමග එකඟතාවයකට පැමිණ තිබුණේ, චීන සමගාම තැන්පත්කර ඇති ඩොලර් මිලියන 5 ක මුදල 08 දක්වා වැඩිකිරීමටත් නැව ආපසු ගෙනයාමටත් ඉන් පසුව මහජන බැංකුව මගින් නිකුත්කර ණයවර ලිපියේ දැක්වෙන 75% ක මුදල සමාගම වෙත ගෙවීමට කටයුතු කිරීමට බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා චීන පොහොර නැවේ බේරුම්කරණය ගැන මෙලෙස අදහස් පළ කර ඇත.

”පොහොර ගෙනාපු නැවට පොහොර පාඩුව විතරක් නෙමෙයි අද ගෙවන්න සිද්ද වෙනවා ඒගොල්ලෝ දැන් සිංගප්පූරුවට යනවා බේරුම්කරණය සදහා බේරුම්කරන ගාස්තු ගෙවන්න වෙනවා, නඩු දානවා නඩු ගාස්තු ගෙවන්න වෙනවා. අවසානයේ කුණු පොහොර ටිකත් අපිට භාරගෙන ඒ පොහොර ටිකට කරන්න දෙයකුත් නැතුව චීනේ නැව් ගාස්තුවත් ගෙවලා ,ඒ වගේම ගුදම් ගාස්තුවත් ගෙවලා , ප්‍රමාද ගාස්තුත් ගෙවලා , නඩු ගාස්තුත් ගෙවලා , බේරුම්කරණ ගාස්තුත් ගෙවලා අවසානයේ ගොවියන්ට පොහොරත් නැති රටට මහා හෙනපතයක් පාත්වෙන තත්ත්වයක් තමයි ඇති වෙලා තියන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය”

2009 වර්ෂයේදී ද ඛණිජ තෙල් මිලදී ගැනීමට අදාළ හෙජින් ගිවිසුමක් කඩ කිරීම හේතුවෙන් බේරුම්කරණයකින් අනතුරුව රුපියල් මිලියන ගණනක වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු විය.

-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන පොහොර නැව සිංගප්පූරුවට, ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලයි
චීන පොහොර නැව සිංගප්පූරුවට, ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEi77zLBw6SA2VX3xaWCwbEbCxLedn8_azPLi_k5nLUrd_AzrbSzrtRo6N7SmrU2Zfur1XQNnppBavW8oRJMdpC-s9Ta2u9egfdz01v-_Xmhln8Ts9kQEyRbkliRYzgvCClliGXNBTTgVtBtJ5FnORzSNnxkQNRof99ri7gnrheioNLBRb8cSojox1GwTQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEi77zLBw6SA2VX3xaWCwbEbCxLedn8_azPLi_k5nLUrd_AzrbSzrtRo6N7SmrU2Zfur1XQNnppBavW8oRJMdpC-s9Ta2u9egfdz01v-_Xmhln8Ts9kQEyRbkliRYzgvCClliGXNBTTgVtBtJ5FnORzSNnxkQNRof99ri7gnrheioNLBRb8cSojox1GwTQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy