ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි දැන්වන ඕනෑම මොහොතක ඊට සූදානමින් සිටිය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි දැන්වන ඕනෑම මොහොතක ඊට සූදානමින් සිටිය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් මෙම තිරණය ගෙන තිබේ.
එමෙන්ම එසේ ඉවත් වීමට සිදු වුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාට අමතරව ආණ්ඩුවේ සිටින තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග මන්ත්‍රීවරුන් 60 දෙනකු පමණ පිරිසක් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වෙයි.
-lankacnews
COMMENTS