යූ.එන්.පී. එක දැන් බංකොලොත් වෙලා තියෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නීතිඥ මෛත්‍රී ගුණරත්න ...
යූ.එන්.පී. එක දැන් බංකොලොත් වෙලා තියෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.
“යු.එන්.පී එක දැන් බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කියන්න දෙයක් නැහැ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? කෝප් කමිටුවට පත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ විමර්ශනය කරන පුද්ගලයත් එක්ක සාකච්ජා කරන්න කිසිම අයිතියක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ඔබතුමාලා යනවා ගෙදර හොරකමක් වුණා කියලා පැමිණිල්ලක් දාන්න. පොලීසියට පැමිණිල්ල දාන්න ගියාම පොලීසියේ පැමිණිල්ල ලියා ගන්න මිනිහා මොකද කරන්නේ ටෙලිෆෝන් එක අරගෙන හොරත් එක්ක කතා කරනවා.”
“කෝල් 25ක් 30ක් හොරාට දෙනවා. එතකොට තියෙන මොකක්ද විශ්වාසය? ඒ පොලිස් නිළධාරීයා ගැන විශ්වාසයක් තියෙනවද? ඒ කියන්නේ පොලිස්කාරයා එතන කරලා තියෙන්නේ හොරකමක්. සම්පුර්ණයෙන්ම තමන්ගේ ඩියුටිය බල්ලට දාලා සල්ලිවලට තමයි පොලිස්කාරයා වැඩ කරලා තියෙන්නේ. ඒකම තමයි කෝප් කමිටුවේ ඉන්න කට්ටියත් කරලා තියෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එහෙම නැත්තම් ඇලෝසියස් එක්ක 60 පාරක් කතා කරන්න තියෙන වුවමනාව මොකක්ද? ඇලෝසියස් ඒගොල්ලන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? නැහැනේ. ඉතින් මේක සුළු වාසි වලට තමයි මේ කෝප් කමිටුවේ ඉන්න කට්ටිය පොඩි පාන් කෑලිවලට තමයි ගිහිල්ලා අලෝසියස්ට දීලා තමන්ගේ සම්පුර්ණ දේශපාලන ගමන් විනාශ කරගෙන තියෙන්නේ කියන එක පැහැදිලිව කියන්න ඕනේ.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.
COMMENTS