කැබිනට් මණ්ඩලය විසින් අදාළ සමාගම වෙත ඩොලර් මිලියන 6.7 ක් චීනයේ ක්වින්ඩාවෝ සමාගමට ගෙවීමට එකගතාව පළ කර තිබුණද සිය සමාගමේ කීර්ති නාමයට හා සිද...
කැබිනට් මණ්ඩලය විසින් අදාළ සමාගම වෙත ඩොලර් මිලියන 6.7 ක් චීනයේ ක්වින්ඩාවෝ සමාගමට ගෙවීමට එකගතාව පළ කර තිබුණද සිය සමාගමේ කීර්ති නාමයට හා සිදු කළ පාඩුවට සිංගප්පුරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යෙන් සිදු කරන බව එම සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ ආයතන හිතාමතා සිදු කළ ක්‍රියා නිසා තම සමාගමේ කීර්ති නාමයට සිදුවූ හානිය හේතුවෙන් විශාල අලාභයක් සිදුව ඇති බව සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනා සොන්ග් ප්‍රකාශ කොට තිබේ.
එම සමාගම මෙම ප්‍රකාශය ඊයේ (26) දින සිදු කර ඇත.
ශ්‍රී ලංකාවට කාබනික පොහොර ලබා දීමේ ටෙන්ඩරයට අදාළව සියයට සියයක අවංකභාවයකින් තම සමාගම ලංසු තැබීමට ඉදිරිපත් වූ බවද චීන සමාගම පවසා ඇත.
-mawratanews
COMMENTS