ජනතාව වෙත ගොස් ජනතා ප්‍රශ්න සහ ඒ සඳහා ඇති ජවිපෙ විසඳුම් සාකච්ඡා කිරීමත් පක්ෂය වෙත තව තවත් ජනතාව ඒකරාශී කර ගැනීමත් අරමුණු කරගෙන ජනතා විමුක්...
ජනතාව වෙත ගොස් ජනතා ප්‍රශ්න සහ ඒ සඳහා ඇති ජවිපෙ විසඳුම් සාකච්ඡා කිරීමත් පක්ෂය වෙත තව තවත් ජනතාව ඒකරාශී කර ගැනීමත් අරමුණු කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර ඇති “ගමෙන් පටන් ගමු – ජීවිතය ලස්සන කරන විසඳුම් යෝජනා රැගෙන – ජවිපෙ නියමුවන් ඔබේ ගමට” වැඩසටහන මහරගම නගරයෙන් ආරම්භ කරන ලදී.
ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික සංවිධායක බිමල් රත්නායක, දේශපාලන මණ්ඩල සභිකයින් වන ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, මාධ්‍යම කාරක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ලක්ෂ්මන් නිපුන ආරච්චි ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වී සිටියහ.
ජනතාව සම අදහස් හුවමාරු කරමින් පැවති මෙම වැඩසටහන සඳහා විශාල ජනතා ප්‍රසාදයක් දක්නට ලැබිණි. “සුන්දර රටක් – ලස්සන ජීවිතයක්” ලෙස සඳහන් කුඩා පොත් පිංචක්ද ජනතාව අතර බෙදා දෙන ලදී.

COMMENTS