දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොකයේ Facebook, Youtube ඔස්තාර්ලා ලංකාවට ගෙන්වයි.. ටුවරිස්ම් ගොඩදාන්නලු…
Homeප්‍රවෘත්ති

ලොකයේ Facebook, Youtube ඔස්තාර්ලා ලංකාවට ගෙන්වයි.. ටුවරිස්ම් ගොඩදාන්නලු…

PropellerAds

රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ...

පී.බී. මේ මොහොතේ ආණ්ඩුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්…
ගම්මන්පිල විමල්ලාගෙන් වෙන්වෙයි! වෙනම ගමනක් යන්න තීන්දු කරලාද?
බැසිල්ගෙන් තද කොන්දේසි! අවුරුද්ද ලබද්දීම ප්‍රබල ඇමැති තුන් දෙනෙක් ආණ්ඩුවෙන් දොට්ට!
රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්  ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව ලොව පුරා ප්‍රචාරය කිරිම එම විශේෂ වැඩසටහනයි. ඉදිරි මාස දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රමුඛ පෙළේ  මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 25 කට ආසන්න පිරිසක් මේ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වන විටත් නෝර්වේ සහ ඉන්දියානු සංචාරක මාධ්‍ය වේදින් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මෙහෙයවීමෙන් එය ක්‍රියාත්මකයි. ඉන්දියානු මාධ්‍ය වේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 08 දෙනෙකු මේ වන විට උතුරේ විශේෂ සංචාරයක නිරතව සිටිති. යුද්ධයෙන් පසු උතුරේ වත්මන් තත්ත්වය මෙන්ම කොවිඩ් වසංගතයත් සමග සංචාරකයන්ට රට විවෘත කිරිම සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යනයක නිරතව සිටිති.

නෝර්වේ ප්‍රධාන පෙළේ යු ටියුබ් නාළිකා දෙකක නියෝජිතයන් ද මේ වන විට මෙරටට පැමිණ තිබේ. ඔවුන් දකුණේ සංචාරයක නිරතව සිටින අතර සංචරණ සීමා ඉවත් කිරිමත් සමග රට සංචාරකයන්ට විවෘතව ඇති ආකාරය ඔවුන් අධ්‍යනයන කරමින් සිටිති. මෙම මාධ්‍ය කණ්ඩායම් දෙක කොවිඩ් වසංගතයෙන් පසු රට විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු මාධ්‍ය කණ්ඩායම වේ. ඉදිරි මාස දෙකක කුලය තුල රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමෙරිකානු එක්සත් ජනපදය වැනි රටවලින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් රැසක් මෙරටට පැමිණිමට නියමිත අතර ඔවුන් රට පුරා සංචාරය කර සංචාරකයන්ට පැමිණිමට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව සිය රටවල ප්‍රචලිත කිරිමට නියමිත බව ද ඇමතිවරයා සදහන් කරයි.

ඔවුන් හරහා ලොවපුරා මිලියන 05කට අධික පිරිසකට ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් පිළිබද අපේක්ෂා කෙරේ. මෙරට ඇති එරතම් ප්‍රචලිත නොමැති සංචාරක ආකර්ෂණීය ගමනාන්ත පිළිබද ව සංචාරකයන් දැනුවත් කිරිමත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබද ව ජාත්‍යන්තර දැනුවත් කිරීමත් මේ අනුව සිදු කෙරෙන බව ඇමතිවරයා සදහන් කරයි. මාතලේ, නුවර, කෑගල්ල, මහියංගණය, හැටන් ආදී ප්‍ර දේශ වල මෙම පිරිස සංචාරය කිරිමට නියමිතයි. හෙළ වෙදකම් පිළිබද ව පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, ප්‍රජා මූලක සංචාරක ව්‍යාපාරය පිළිබද ව මෙහි දී ඔවුන් දැනුවත් කෙරේ.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොකයේ Facebook, Youtube ඔස්තාර්ලා ලංකාවට ගෙන්වයි.. ටුවරිස්ම් ගොඩදාන්නලු…
ලොකයේ Facebook, Youtube ඔස්තාර්ලා ලංකාවට ගෙන්වයි.. ටුවරිස්ම් ගොඩදාන්නලු…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIjOCtZFrcvnzn_UR0DaxDQZpdV-tyNLWnVy6X-TX5-o9ZEPD5bJGQPHzKY_VMdgA5zHw84549gThgGHZtAyr3hP7q4itl_mXvbdJjblbqBy4tr7-IbJ6Xlq6rOegqWBhKv5G7jCTsMx_U/s320/tuo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIjOCtZFrcvnzn_UR0DaxDQZpdV-tyNLWnVy6X-TX5-o9ZEPD5bJGQPHzKY_VMdgA5zHw84549gThgGHZtAyr3hP7q4itl_mXvbdJjblbqBy4tr7-IbJ6Xlq6rOegqWBhKv5G7jCTsMx_U/s72-c/tuo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/facebook-youtube.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/facebook-youtube.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy