දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
EXCLUSIVE: ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ආණ්ඩුවට වෙන්න යන දේ!
Homeප්‍රවෘත්ති

EXCLUSIVE: ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ආණ්ඩුවට වෙන්න යන දේ!

PropellerAds

වත්මන් ආණ්ඩුව සතු තුනෙන් දෙකක බහුතර බලය අභියෝගයට ලක් වන ආකාරයේ ප්‍රකාශයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (නොවැ. 25) පාර්ලිමේන්ත...

රේගුව නිලධාරීන් අද සිට අකුරට වැඩ
පුස්සැල්ලාව ස්ථානාධිපතිට ස්ථාන මාරුවක් 
ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි
වත්මන් ආණ්ඩුව සතු තුනෙන් දෙකක බහුතර බලය අභියෝගයට ලක් වන ආකාරයේ ප්‍රකාශයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (නොවැ. 25) පාර්ලිමේන්තුවේදී සිදු කළේ ය.

සිය ධූර කාලයේදී සිදු කළ වියදම් සහ වර්තමාන ජනාධිපතිවරයාගේ වාර්ෂික වැය ශීර්ෂය සමග සංසන්දනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී ඔහු අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ අතේ" බව ය.

එබැවින් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කිරීමට උත්සහ දැරීමේදී ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳව ත් තුනෙන් දෙකක බලය සම්බන්ධයෙනු ත් මීට වඩා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු යැයි ඔහු අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය දරන වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙක් ආණ්ඩුව නියෝජනය කරනු ලබති. 

ආණ්ඩුව විසින් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගයෙනි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60ක් ලැබිණි.

ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය.

යම් හෙයකින් අදාළ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 14 අයවැයට පක්ෂව නොලැබුණේ නම්, ඊට පක්ෂව හිමි වන ඡන්ද සංඛ්‍යාව 139ක් වනු ඇත.

තුනෙන් දෙකක බහුතරය ආණ්ඩුවක් සතු වීමට නම් පක්ෂව සිටිය යුතු අවම මන්ත්‍රීවරුන් ගණන 150කි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 නොමැතිව ආණ්ඩුවට හිමි වන්නේ, සාමාන්‍ය බහුතරයක් පමණි.

එබැවින් වත්මන් ආණ්ඩුවට සිය තුනෙන් දෙකක බහුතර බලය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි ය.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මියගෙන් විමසීමක් කළේ ය.

එහිදී ආචාර්යවරිය සඳහන් කළේ, යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවේ ආධිපත්‍යය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වන බව ය.

එමෙන් ම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බොහෝ කටයුතුවලට එමගින් බලපෑම් ඇති විය හැකි බව ඇය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, ඒ හේතුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් විශාල පක්ෂයක ඇති බලපෑම ආණ්ඩුවට දැඩි ලෙස දැනෙනු ඇති බව ය.

එය තුනෙන් දෙකක බලය සඳහා පමණක් නොව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව අර්බුද රැසකට ඇද දමන බව ඇය පෙන්වා දුන්නා ය.

සූරියබණ්ඩාර මහත්මිය අවධාරණය කළේ, එමගින් ආණ්ඩුවේ සුජාතභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින බව ය. 

- mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: EXCLUSIVE: ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ආණ්ඩුවට වෙන්න යන දේ!
EXCLUSIVE: ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ආණ්ඩුවට වෙන්න යන දේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4nCmDmIqEfNaC2otxU9h7SHZWiWK7ZGuPfApj9jrCqhD-1gMv2pv0UzDX4oMYJfMf9KiHJoJ6jdZeyHU9ipZ6t4DqIPqYkXzFQWFN8AtMfSfCPdgvDRQ6LVPFq7vrKNAmei9FIqBhHkso/s320/619f9a3eeae63_619f9902ac0d9_619f9427243b1_SLFP+SLPP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4nCmDmIqEfNaC2otxU9h7SHZWiWK7ZGuPfApj9jrCqhD-1gMv2pv0UzDX4oMYJfMf9KiHJoJ6jdZeyHU9ipZ6t4DqIPqYkXzFQWFN8AtMfSfCPdgvDRQ6LVPFq7vrKNAmei9FIqBhHkso/s72-c/619f9a3eeae63_619f9902ac0d9_619f9427243b1_SLFP+SLPP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/exclusive_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/exclusive_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy