පාසල් වෙත පැමිණෙමින් සිටි දරුවන් හිටිහැටියේම පාසල වෙත නොපැමිණෙන්නේ නම් ඒ පිලිබදව විදුහල්පතිවරයා හා පංතිභාර ගුරුවරයා වහාම සොයා බලන්නැයි අධ්...
පාසල් වෙත පැමිණෙමින් සිටි දරුවන් හිටිහැටියේම පාසල වෙත නොපැමිණෙන්නේ නම් ඒ පිලිබදව විදුහල්පතිවරයා හා පංතිභාර ගුරුවරයා වහාම සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එල්.ඩී.ධර්මසේන ඉල්ලීමක් කරයි.
පාසල වෙත පැමිණෙමින් සිටියදී ඇතැම් දරුවන්ට කොවිඩ් වයිරසය අසාදනය වීම හේතුවෙන් ඔවුන් ගුරුවරයාට නොදන්වා නිවසේ රැදී සිටීමට කටයුතු කරන බැවින් එය පංතියේ අන් දරුවන්ගේ සහ පංතිභාර ගුරුවරයාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ලේකම්වරයා පැවසීය.
පංතියක එක් දරුවෙකුට කොවිඩ් ආසාදිතයෙකු බව හදුනාගතහොත් එම පංතියේ සිලුම දරුවන් හා එම දරුවන්ට ඉගැන් වූ ගුරුවරුන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කරන නමුත් පාසල වසා දැමීමට කිසිවිටකවත් කටයුතු නොකරන බව ලේකම්වරයා සදහන් කළේය.
පාසල් වෙත පැමිණෙන දරුවන්ට කොවිඩ් රෝග ලක්ෂණයන් පහළ වුවහොත් පාසල වෙත එවීමට කටයුතු නොකරන්නැයිද ඒ බව වහාම පන්තිභාර ගුරුවරයාට හෝ පාසල වෙත දැනුම් දෙන්නැයිද දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරයි.

COMMENTS