දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දළ දේශීය නිෂ්පාදන වාර්තාව ඊයේ මැදියම් රාත්‍රීයේ නිකුත් වේ : කොරෝනා ඒමටත් පෙරම ආර්ථිකය සෘණ අගයකට බැහැලා ! - ඡන්ද ප්‍රචාරය අවසන් වනතෙක් වාර්තාව සඟවා ගෙන ඉඳලා !!
Homeප්‍රවෘත්ති

දළ දේශීය නිෂ්පාදන වාර්තාව ඊයේ මැදියම් රාත්‍රීයේ නිකුත් වේ : කොරෝනා ඒමටත් පෙරම ආර්ථිකය සෘණ අගයකට බැහැලා ! - ඡන්ද ප්‍රචාරය අවසන් වනතෙක් වාර්තාව සඟවා ගෙන ඉඳලා !!

PropellerAds

2020 වසරේ ශ්‍රී ලංකාවේ පලවෙනි කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදිත (Gross domestic product, GDP)  සඳහන් වාර්තාව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්ත...

කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි
අධිකරණය නියෝග කල මුදල ජවිපෙට දෙන්නේ නැහැ - විමල්
අපරාධ වර්ධනයට හේතුව පොලිස්පති හෙළි කරයි
2020 වසරේ ශ්‍රී ලංකාවේ පලවෙනි කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදිත (Gross domestic product, GDP)  සඳහන් වාර්තාව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ මාධ්‍ය

රාත්‍රී ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය සෘණ 1.6 ක් ලෙස වාර්තාවේ.

දළ දේශීය නිෂ්පාදිතය (Gross domestic product, GDP) යනු රටක නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපල වටිනාකම පිළිබඳ වටිනාකමයි.

සෑම වසරකම පළමු කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදනය වාර්තාව කාර්තුව අවසන් වී උපරිම වශයෙන් දින 75ක් තුලදී එනම්, ජුනි මැදට පෙර ප්‍රකාශයට පත් කිරීම මෙතෙක් අනුගමනය කල රීතියයි.

කොරෝන වසංගත තත්ත්වය තුල යම් පමාවක් සිදුවී නම් අඩුම තරමින් එම වාර්තාව ජුලි මැද හෝ ප්‍රකාශයට පත්කළ යුතු විය.


එහෙත් ආණ්ඩුවේ ඉහලින් ලැබුන නියෝගයක් මත එම වාර්තාව මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිමවන තෙක් ප්‍රකාශයට පත් නොකිරීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඊයේ රාත්‍රී 10 රුපවාහිනී පුවත් විකාශයන්ට ද පසුවය. ඒ, ආණ්ඩුවේ නොහැකියාව විපක්ෂයේ ප්‍රචාරක වාසියක් වීම වලක්වා ගැනීම සඳහාය.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, අගමැති මහින්ද රාජපක්ෂගේ මුදල් අමත්‍යංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

ආණ්ඩුවේ නොහැකියාව හා අදුරදර්ශී මුල්‍ය කළමනාකරණය :

මෙසේ දළ දේශීය නිෂ්පාදනය සෘණ අගයක් ගැනීමට කොරෝනා වසංගත තත්වයේ කිසිඳු බලපෑමක් නොමැත. අපේ රටේ පළමු කාර්තුව ලෙස සලකන්නේ ජනවාරි 01 දින සිට මාර්තු 31 වෙනිදා දක්වා කාලයයි. කොවිඩ් වසංගත තත්වය නිසා රට සති කිහිපයකය අක්‍රිය වුයේ 2020 මාර්තු 20 වන දිනෙන් පසුවය.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ක්‍රියාත්මක කළ අදුරදර්ශී මුල්‍ය කළමනාකරණයේ බරපතල ප්‍රතිවිපාක ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ වාර්තාවෙන් ද තහවුරු වේ.

-theleader


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළ දේශීය නිෂ්පාදන වාර්තාව ඊයේ මැදියම් රාත්‍රීයේ නිකුත් වේ : කොරෝනා ඒමටත් පෙරම ආර්ථිකය සෘණ අගයකට බැහැලා ! - ඡන්ද ප්‍රචාරය අවසන් වනතෙක් වාර්තාව සඟවා ගෙන ඉඳලා !!
දළ දේශීය නිෂ්පාදන වාර්තාව ඊයේ මැදියම් රාත්‍රීයේ නිකුත් වේ : කොරෝනා ඒමටත් පෙරම ආර්ථිකය සෘණ අගයකට බැහැලා ! - ඡන්ද ප්‍රචාරය අවසන් වනතෙක් වාර්තාව සඟවා ගෙන ඉඳලා !!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKGz5paC5wSxQ2gD5r-InbzvYGsXsKPHuYA5sm75lMcwmH1cNGRRB9R5PD8ZK9b3Pdv68mbgJQsqBffmDUkoemYcmce0j2IDJDG-2Nf2XIQHFMT9WUY2kXLG2Aw_Hhk5hoF28W5E25fJw/s320/report.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKGz5paC5wSxQ2gD5r-InbzvYGsXsKPHuYA5sm75lMcwmH1cNGRRB9R5PD8ZK9b3Pdv68mbgJQsqBffmDUkoemYcmce0j2IDJDG-2Nf2XIQHFMT9WUY2kXLG2Aw_Hhk5hoF28W5E25fJw/s72-c/report.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy