එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු මෙන්ම එජාප පාලන සමයන්හිදී වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ආර්...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු මෙන්ම එජාප පාලන සමයන්හිදී වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ආර්. පාස්කරලිංගම් මහතාගේ නමද පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කිරීමට පියවර ගෙන ඇත.
හෙතෙම බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත්වල ඇති ගිණුම්වල මිලියන් ගණන් මුදල් ආයෝජනය කර ඇති අතර එහි ව්‍යාපාර ගණනාවක්ම ආරම්භ කර ඇති බව අනාවරණය කොට තිබේ.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුව 2001 එජාප පාලන සමයේදී මෙන්ම 2015 යහපාලන ආණ්ඩු සමයේදීද වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළේය.
එමෙන්ම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළේදී විශාල වැඩකොටසක් පාස්කරලිංගම් මහතා විසින් කළ බවට එකල විපක්ෂය විසින් චෝදනා කරනු ලැබ බිණ.
-mawratanews

COMMENTS