රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ...
රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් හිගය බරපතළ ලෙස බලපා ඇතැයිද ඇමතිවරුන් කිහිපදෙනකු එහිදී පෙන්වා දී ඇත .
එහිදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඩොලර් හිගය ඉන්ධන ආනයනයටද බරපතළ ලෙස බලපා ඇතැයි සඳහන් කර ඇත .
ඉන්ධන පමණක් නොව, ඖෂධ ආනයනයට ද ඩොලර් හිඟයේ බලපා ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට කටයුතු කළ යුතුයැයි ඇමති ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත .
රටට අවශ්‍ය ඉන්ධන ලබන පෙබරවාරි මාසය දක්වා ආනයනය කිරීමට සංස්ථාවට හැකියාව ඇති නමුත්, ඉන්පසුව ඉන්ධන ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ .
එබැවින් ,මේ මොහොතේ තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බව ඔහු පෙන්වා දී ඇත.
එහිදී අදහස් දක්වා ඇති වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු පෙන්වා දී ඇත්තේ ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ලබා ගැනීමට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට අනුගත වීමට සිදුවන බවය.
එම කොන්දේසි ඉටු කර ජනතාව හමුවට යා නොහැකි බව ද ඔවුන් පෙන්වා දී ඇත. මේ අතර, අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්ධන, ඖෂධ පමණක් නොව, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු වුවහොත් එයද ආනයනය කිරීමට සිදුවන බව පෙන්වා දී ඇත

COMMENTS