සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය අර්බුදයකට පත් වනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහත...
සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය අර්බුදයකට පත් වනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ගුවන් සමාගම ගුවන් යානා වල කෙටි දුර ගමන් වලට ප්‍රමාණවත් ගුවන්යානා ඉන්ධන ලබා ගැනීමේ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ගුවන් සමාගමේ කෙටි දුර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිගටම අසාර්ථක වී ඇති බවත් විනිමය අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා වඩා හොඳින් සවන් දිය යුතුව ඇති බවත් ය.

COMMENTS