දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි” සුව ඇමැති කියයි
Homeප්‍රවෘත්ති

“2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි” සුව ඇමැති කියයි

PropellerAds

වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පළාත් පාලන මැති...

අද රාත්‍රියේ සිට බස් හා දුම්රිය වර්ජනයේ
ලංගම බස්රථවල ගමනාන්ත පුවරුවල අසභ්‍ය වචන?
සිරකරුවන්ට ලෙඩ ගොඩක්

වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේ කලුතර දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාව සදහා ජය තහවුරු කිරීමේ ජන හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දොඩම්ගොඩ සපුගස්වත්ත මංසන්දියේ දී පසුගියදා පැවැත්විනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව යහපාලන රජය ස්ථාපිත කළා. මේ දිනවල මැතිවරණ වේදිකාවේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. එම සියලු ප්‍රකාශ පෙබරවාරි 10 වන විට අවසන් වෙනවා. ඉන් පසු ප්‍රධාන පක්ෂ දෙක එක්ව ඉදිරියට ගමන් කරනවා. වෙන්ව ගමන් කර එකට පහරදීමක් තමයි මේ සිදුවන්නේ. රජය තුල ගැටලු තිබුනත් වසර 2020 වනතුරු යහපාලන රජය ඉදිරියට ගමන් කරනවා. ඉන් පසු මැතිවරණය ජයගෙන වසර 2025 දක්වා යහපාලන රජය ක්‍රියාත්මක වෙනවා. මාධ්‍ය මගින් අද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවේචනය කරන්නේ මාධ්‍ය නිදහස ලබාදී තිබීම නිසයි. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවාව ස්වාධීන කර තිබෙනවා. යහපාලන රජය ලබාදුන් පොරොන්දු එකිනෙක ඉටු කරනවා. පසුගිය රජයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන සිදුකළ අයගේ නඩු විභාග වෙනවා. ආණ්ඩුව වෙනස් වුනාට රාජ්‍ය වෙනස් වී නැහැ නමුත් වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි. ශ්‍රී ලංකාව වර්තමානයේ ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. සංවර්ධිත රටවල නායකයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වනවා. පසුගිය රජය සමයේ ශ්‍රි ලංකාවට පැමිණියේ ස්වාසිලන්තයේ රජු වැනි නායකයින්. ඔහු කාන්තාවන් 32 ක් සමග අපේ රටට පැමිණි අයුරු කාටත් දැකගන්නට පුලුවන් වුනා.” මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා ඇතුලු අපේක්ෂකයින් රැසක් එක්ව සිටියහ. 27459498_10155643489049130_7794264789174152709_n   27073159_10155643489259130_4668059121730919182_n
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි” සුව ඇමැති කියයි
“2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි” සුව ඇමැති කියයි
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/01/26993229_10155643489264130_1095315230139468182_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/2020_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/2020_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy