කොළඹ පිහිටි සුපිරි අවන්හලක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබේ. සාමාන්‍යයෙන් තරමක් මිල අධික ආහාරපාන අලෙවි කරන ඉහළ පැලැන්තියේ ආපනශාලාවක...
කොළඹ පිහිටි සුපිරි අවන්හලක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබේ.
සාමාන්‍යයෙන් තරමක් මිල අධික ආහාරපාන අලෙවි කරන ඉහළ පැලැන්තියේ ආපනශාලාවක් වන "Calorie Counter" නම් වන මෙම ආයතනය තම සෞඛ්‍ය ගැන වැඩිපුර උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් අතර ජනප්‍රිය මෙම සුපිරි අවන්හල සෞඛ්‍ය සම්පන්න සහ නැවුම් බවින් යුතු ආහාර පාන ව්‍යාපාරයෙහි සැලකිය යුතු නමක් දිනාසිටි ආයතනයක් ද වේ.
සෞඛ්‍ය පරික්ෂවරුන් විසින් වටලනු ලබන අවස්ථාවේ නරක් වූ ආහාර පාන ශීතකරණය තුළ ගබඩා කර තිබී ඇති අතර මස් සහ එලවළුද සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන පරිදි ගබඩා කර තිබියදී සොයා ගෙන ඇත.
කොළඹ 07, කොළඹ 05, ගාල්ල සහ පැලවත්තේ පිහිටි මෙම සුපිරි අවන්හල් ජාලයට අයත් අවන්හල් පිහිටා ඇත.
සුපිරි අවන්හල් වලින් මෙවන් භාවිතයට නුසුදුසු ආහාර පාන හමුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
පසුගිය මාසයේදී colombo city center හි පිහිටි සුපිරි චීන අවන්හලකද පණුවන් සහිතව ආහාර අලෙවි කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලය තුළ දැඩි කතාබහට ලක් විය.
COMMENTS