දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ රත‍්‍රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් රසායන පොහොර ගේනවා.. පොහොර නියෝජිතයා ගේ ඥාතියා අගමැති කාර්යාලයේ…
Homeප්‍රවෘත්ති

ලංකාවේ රත‍්‍රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් රසායන පොහොර ගේනවා.. පොහොර නියෝජිතයා ගේ ඥාතියා අගමැති කාර්යාලයේ…

PropellerAds

ලංකාවේ රත්රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් කෘෂිරසායන ගෙන්වමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කර...

ගෝඨා CIDයට
"අහගත්තද? ඇතිද ඔයාට?" - ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (VIDEO)
"දේශපාලකයෝ කල්පනා කරන්නේ ඊළඟ මැතිවරණය ගැන මම කල්පනා කරන්නේ අනාගත පරපුර ගැන" - රෙජිනෝල්ඩ්
ලංකාවේ රත්රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් කෘෂිරසායන ගෙන්වමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට අදහස් පල කරමින් ඇය මෙසේ කියා සිටියාය.

රාජ්‍ය පරිපාලනයේ අද තියෙන්නේ කන්ඩෙම් න්‍යායක්. නිලධාරි පාවිච්චි කරනවා, කන්ඩෙම් කරනවා. එලවනවා. ඒකට හොඳම උදාහරණය තමයි, කෘෂිකර්ම අමාත්‍යාංශය. හිටපු අමාත්‍යාංශ ලේකම් අති දක්ෂ පරිපාලන නිලධාරියෙක්, දක්ෂ නිලධාරියෙක් වෙච්ච පුෂ්පකුමාර අයින් කළා. අද තියෙන කෘෂිකර්ම අර්බුදය පටන්ගත්තේ එතනින්. පරිපාලන සේවයේ පුෂ්පකුමාර වෙනුවෙන් කිසිම හඬක් නගන්න ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයටවත් හැදි වුනේ නෑ. ඊලඟට ගෙනවා විෂය දැනුම තියෙනවා කියන මහාචාර්ය ලේකම් කෙනෙක්. ඒ පත්වීමෙන් පස්සේ නිදහසේ නැනෝ යූරියා ජාවාරම කරන්න ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා මේ වන විට විස්තර සහිතව කියන රු. කෝටි 1100 ක හොරකම සිද්ධ කලා කියලා. රහස් පොලීසිය විමර්ශන කරනවා.

චීන පොහොර ගෙන්වීමේ නියෝජිතයා ගේ ඥාතියා ඉන්නේ අගමැති කාර්යාලයේ. දැන් ඉන්න මහාචාර්ය ලේකම් තමයි මේ ජාවාරමට පාර කැපුවේ. දැන් ඔහු කෘෂිකර්මයේ ගැලවුම්කාරයා වෙන්න හදනවා. මහජන බැංකුව බැක් ලිස්ට් කරගත්තා. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න හදාගත්තා. ඇමතිලා රාජාතාන්ත්‍රික ව්‍යවහාරයන් පැත්තක තියලා තානාපතිවරුන් පස්සේ යන තැනකට පත් කළා.

රාජ්‍ය පරිපාලනයේ ඉහළම තනතුරු වලට සිද්ධ කරන අමන, මෝඩ තනතීරු තීරණ නිසා දැන පළිබෝධ නාශක පිළිබඳ දැවැන්ත ආරවුලක් ඇතිවෙලා තියෙනවා. පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් තමයි ඉන්දියාවෙන් බෝට්ටු කෘෂිරසායන ගේන්න අවශ්‍ය පසුබිම හැදුවේ. ලංකාවේ රත්තරංටික ඉන්දියාවට දීලා, බෝට්ටුවලින් හොර බඩු ගේන පරිසරය හැදුවා. ඩොලර් නැති රටට හොර පාරේ ගේන බෙහෙත් ගහලා රටට කාබනික කෘෂිකර්මයේ ඉන්නේ කියලා රටම ඇන්දුවා. කළු කඩෙන් හොර බෙහෙත් අරගෙන වගා කරනකොට ඒකට කාබනික වගාව කිව්වා. ඒ ටික කරන කල් පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් මේ ආණ්ඩුවට රත්තරං. ඊට පස්සේ දැන් ඔයා මඩකඩා කාලා.

මේ ආණ්ඩුව තේ, රබර්, පොල් සමාගම්වලට ඕනි නිසා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ගැසට් එක ගැහුවා. කවුද අද ග්ලයිෆොසෙට් ඉල්ලන්නේ. පෙළපාලි යන ගොවියෝ ඉල්ලන්නේ ග්ලයිෆෙසෙට් නෙවෙයි. වී වගාවට අවශ්‍ය වල් නාශක ටික දෙන්න කියලයි. ඒ කියන්නේ MPCA දෙන්න කියලා කියන්නේ. හදලා තියෙන වී වගාව රැකගන්න වල් නාශක වර්ග 6 ක් උඩරට, තෙත් සහ වියලි කලාපවලට අවශ්‍ය යි. මේවා තමයි දුප්පත් ගොවියන්ට ඔිනි. හැබැයි ඒ මොනවත් දෙන්නේ නෑ.

මම වගකීමෙන් කියන්නේ, අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදන ලැයිස්තුවේ එකම වල් නාශකයක්වත් නෑ. ජනාධිපති එකක් තිබුණ රැස්වීමේ දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් පැහැදිලිවම කිව්වා වල් නාශක අවශ්‍යයි කියලා. එතකොට ජනාධිපති කියනවා, මගේ ප්‍රතිපත්තිය මේක තමයි. බැරිනම්, ලේකම්ටයි, අධ්‍යක්ෂ ජෙනරාල්ටයි අයින්වෙලා යන්න කියලා. ඔන්න ඕකයි අත රාජ්‍ය පරිපාලනයේ නිලධාරීන්ට උදාවෙලා තියෙන ඉරණම. තුට්ටු දෙකට දාලා තියෙන්නේ.

පරිපාලන නිලධාරි ඉන්න ඕන තැනට හමුදා නිලධාරීන් දාගෙන තියෙනවා. පිටින් ගෙනාපු අමාත්‍යාංශ ලේකම්වරු කාර්යක්ෂම ද? සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශයි. විදේශ අමාත්‍යාංශය අනාථයි. අධ්‍යාපනයට ගෙනාපු කෙනා පරිපාලනය දන්නෙත් නෑ. අධ්‍යාපනය දන්නෙත් නෑ කියලා ඇතුළේ නිලධාරි කියනවා.

කෘෂිකර්ම යේ ඉන්න සියලුම නිලධාරීන් 30,000 කට වැඩිය දෙනා දන්නවා ගොවියෝ හදලා තියෙන එළවළු ටික බේරගන්න, කෘමිනාශක සහ දිලීර නාශක ඕනි කියලා. මේ නිසා කෘෂිකර්මාන්තයේ ඉන්න සියළුම නිලධාරීන් ගොවියෝ ඉස්සරහට යන්න බැරුව අසරණ වෙලා තියෙනවා.

65 න් විශ්‍රාම ගැන්වීම

විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම කිසිම විද්‍යාවක් නැති වැඩක්. මේ යෝජනාව අඩුම ගානේ අවු. 63 කරන්නට අවශ්‍යයි. එහෙම කරනවා නම් දැනට පරිපාලන සේවයේ සහ වෙනත් සමාන්ත සේවාවල පළමු ශ්‍රේණියේ ඉන්න නිලධාරීන්ට නිර්බාධක උසස්වීම් සුදුසුකම් ලබන දිනයට ලබා දෙන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඔවුන්ගේ මුලික වැටුප නියමිත මට්ටමමේ තියන්න ඕනි. ඔවුන්ට වාහන – ඇතුළු අනෙකුත් දීමනා ගෙවන ක්‍රමයක් හදන්න ඕනි.

මම කනගාටුවෙන් කියන්නේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මේ ප්‍රශ්නයේ දි හොර ගල් අහුලනවා. කමිටු දලා ප්‍රශ්ණය දියාරු වෙන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට රු. 10,000 කින් පඩි වැඩිකලා. ඉහළ නිලධාරීන්ට රු. 15000 කට වැඩිය ලැබුණා. පරිපාලන සේවයේ අය දවස් දෙකක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉස්සරහා වෘත්තීය දීමනාව ඉල්ලලා විරෝධතා දැක්වුවා. මේ ආණ්ඩුව බලයට ආවේ පරිපාලන සේවයට වෘත්තීය දීමනාව දෙනවා කියලයි. දැන් අවු. 65 කරලා රාජ්‍ය සේවයේ අති බහුතරයක් අමාරුවේ දාලා තියෙනවා. හැබැයි අඩුම ගානේ නිවේදනයක් නිකුත් කරන්න පරිපාලන සේවා සංගමයට බැරිවෙලා තියෙනවා.

යම් වෘත්තීය සමිතියකට කොන්ද කැඩුවාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ අයවැය ඇතුලේ රාජ්‍ය සේවකයින්ට සතුටු වෙන්න පුළුවන් කිසිම දෙයක් නෑ. අඩුම තරමේ තමන්ගේ අදහස නිදහසේ ප්‍රකාශ කරන්න, කමෙන්ට් එකක් දාන්න රාජ්‍ය සේවයාට තිබුණු නිදහස අයිතිවාසිකම පවා අද අහිමි වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයාට අද කන්නත් නෑ, බොන්නත් නෑ. කතා කරන්න නිදහසත් නෑ.

රාජ්‍ය සේවක විශ්‍රාම වයස වැඩි කරන්නේ රු. බිලියන 15 ක් පාරිතෝෂික මුදල් රැක ගන්නයි. නමුත් එයින් රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ සහ විශේෂ ශ්‍රේණියේ දැඩි පරතරයක්, උසස්වීම් නැති කම නිසා පීඩණයක් ඇති වෙනවා. ඒක වලක්වන්න විශේෂ ශ්‍රේණියට නිර්බාධක උසස්වීම් ලබාදීමට පියවර ගත යුතුයි. නියමිත වැටුප් පරිමානයේ තියලා දීමනා ගෙවන්න අවශ්‍යයි. නැත්තම් විශේෂ ශ්‍රේණියේ 400 මැරෙනකල් බලාගෙන ඉන්න පළමු ශ්‍රේණියේ අයට සිද්ධ වෙනවා. හරියට මනාප ලැයිස්තුවේ පහල අය දැන්ඉන්න මන්ත්‍රීවරු මැරෙනකල් බලාගෙන ඉන්නවා වගේ. නැත්තම්, ලෙඩක් දාලා දේශපාලනඥයෝ පස්සේ ගිහින් තනතුරු ලබා ගන්න බලනවා. නැත්තම් නඩුවක් හරි දාලා ඉවත් කර ගන්න හදනවා.

මේ අයවැයෙන් පළාත් සභා අරමුදල් නැතිව විනාශයෙන් විනාශයට ගෙනියනවා.
1. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන
2. උපමාන පාදක සංවර්ධන ප්‍රදාන දෙකටම දෙන මුදල් කැපිලා ගිහින් තමයි ගමේ පාරවල් කාපට් කරන්න හදන්නේ. මංතීරු හදන්න හදන්නේ.
කරුණාකරලා අපේ පලාත්වල අධ්‍යාපනය, මාර්ග, සෞඛ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල්ටික පලාත් සභාවට දෙන්න. පලාත් සභාව යටතේ තමයි, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ වැදගත්ම දේවල් තියෙන්නේ.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ රත‍්‍රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් රසායන පොහොර ගේනවා.. පොහොර නියෝජිතයා ගේ ඥාතියා අගමැති කාර්යාලයේ…
ලංකාවේ රත‍්‍රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් රසායන පොහොර ගේනවා.. පොහොර නියෝජිතයා ගේ ඥාතියා අගමැති කාර්යාලයේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRT0Uv3ZN34b9EDW7Yb8fs4HdIXBq1xwpqdEdzq8gI61tJ4kQnWERkfdwrZYcaNQMkKo1XiDooJ_Lnb7ocMW0EiFtyhnBH6wswTKQ_L0j9y3K4d4CGf2xQSRjUwzPpxMk6siXTph0gl2EW/s320/rohinis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRT0Uv3ZN34b9EDW7Yb8fs4HdIXBq1xwpqdEdzq8gI61tJ4kQnWERkfdwrZYcaNQMkKo1XiDooJ_Lnb7ocMW0EiFtyhnBH6wswTKQ_L0j9y3K4d4CGf2xQSRjUwzPpxMk6siXTph0gl2EW/s72-c/rohinis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_253.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_253.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy