වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ක...
වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
එය විභාගය සඳහා ලබන වසරේ පෙබරවාරි මස 03 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කොට අනවසර ඉදිකිරීම් ගොඩනැගීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි. එහි තීන්දුව මගින් අදාළ වනාන්තරය නැවත වවන ලෙස අභියාචනාධීකරණය නියෝග කළේය.

COMMENTS