චීනයේ Qingdao සමාගම ඔවුන් විසින් මෙරටට නිකුත් කරන ලද පොහොර තොගය සම්බන්ධයෙන් අද (ඔක්. 26) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් කර ඇත්ත...
චීනයේ Qingdao සමාගම ඔවුන් විසින් මෙරටට නිකුත් කරන ලද පොහොර තොගය සම්බන්ධයෙන් අද (ඔක්. 26) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ, Qingdao සමාගම මෙරට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ගෝලීයව විවෘත කරනු ලැබ තිබූ ලන්සු තැබීමට සහභාගී වූ බවත් එහිදී ලන්සුව ඔවුන් සාර්ථකව දිනා ගන්නා ලද බවත් ය.
ඒ අනුව, එම පොහොර තොගය සඳහා විවෘත කර තිබුණු ණයවර ලිපියේ සඳහන් භාර දීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වන දා පොහොර තොගය නැව්ගත කිරීම සිදු වූ බව Qingdao සමාගම අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
එමෙන් ම, අදාළ පොහොර තොගය නියමිත පරිදි භාර ගැනීම වැළැක්වීමට ගැනුම්කරු විසින් බාධාවක් නිර්මාණය කළේ යැයි සැක කිරීමට හැකි සාධාරණ හේතු පවතින බව ද එම සමාගම පවසයි.
ඒ අනුව, දෙපාර්ශ්වය ම පිළිගත් තුන් වන පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බවත් පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කර ගන්නා බවත් ඔවුන් සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.
එමෙන් ම, Qingdao සමාගම අවධාරණය කර ඇත්තේ, අර්විනියා බැක්ටීරියාව නොමැති බවට තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවර ගත යුතු බව ය.
තව ද ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන මගින් මේ පිළිබඳව පළ කරන ලද සාවද්‍ය හෝ අපහාසාත්මක වාර්තා සහ අදහස් පිළිබඳව නීත්‍යනුකූල තත්ත්වය විමර්ශනය කිරීමේ අයිතිය තම සමාගම සතු බව ද ඔවුන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

COMMENTS