කී ල්ස් සුපිරි වෙළදසැල් ජාලයේ වෙළදසැල්වලින් පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ඉතිරි වන මුදල NEXUS කාඩ් ගිණුමට බැර කරමින් අනීතික වැඩක...
කීල්ස් සුපිරි වෙළදසැල් ජාලයේ වෙළදසැල්වලින් පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ඉතිරි වන මුදල NEXUS කාඩ් ගිණුමට බැර කරමින් අනීතික වැඩක යෙදෙන පාරිභෝගිකයන් ගෙන් තමාට පැමිණිලි ලැබී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
NEXUS යනු බැංකු ගිණුමක් නොවන බැවින් මුදල් එලෙස තැන්පත් කර ගැනීමට එම ආයතනයට අයිතියක් නැති බවත්, එලෙස මුදල් තැන්පත් කර ගන්නේ නම් ඒ සඳහා පොලියක් ගෙවිය යුතු බවත්, මුදල් තැන්පත්කරගෙන පොලී ගෙවීමට නීත්‍යානුකූල ක්‍රමවේදයක් ඇතැයි ඒ මහතා පෙන්වාදෙයි.
එමගින් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීයේ සභාපතිගෙන් ඉල්ලීමක් කළ බවද ඔහු ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.
මේ අතර, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය.
ඔහු කියා සිටියේ කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයට ශාඛා 500ක් පමණ ඇති බවත්, ඒවායින් මෙසේ NEXUS කාඩ් පතට දමා ගන්නා මුදල මගින් භාණ්ඩ අලෙවි නොකර එම ආයතනය දිනකට කොටි ගණනක් උපයන බව අනාවරණය කරයි.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
කීල්ස් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක්
පාරිභෝගික ඉතිරි මුදල් NEXUS කාඩ් පතට බැර කිරීම හා කීල්ස්වල සහල් සම්බන්ධ ගැටලු ගැන සිවිල් සංවිධාන එකමුතුවකින් විරෝධතා මාලාවක් පැවැත්වීමට සූදානම් වන බව ද මේ අතර වාර්තා වේ.
දිස්ත්‍රික් වශයෙන් එක් එක් දිනයන්හිදී එම වෙළඳසැල් ඉදිරිපිට බෝඩ් ඔසවාගෙන සිටිමින් මේ විරෝධතාවය සිදු කිරීමට සැලැසුම් කර ඇති අතර එහි පළමු පියවර මේ සතියේ සිදු කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

COMMENTS